Colombo Today Local News

ක්ලීන් ශ්‍රී ලංකා උත්සවයේදී නිරූපිකාවකට 15000 ගාණේ ගෙවලා

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භක උත්සවය සඳහා පමණක් රුපියල් ලක්ෂ හැත්තෑවක් වැය කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ තම ප‍්‍රකාශයට අදාල තොරතුරු තමන් සතු බවත් එය අසත්‍යයක් යයි ඔප්පු කලහොත් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බවත්ය.

එම උත්සවයේ ගීත ගායනයට ලක්ෂ දෙකක්, ගීත නිර්මාණය කිරීම සඳහා ලක්ෂ අටක්, නිරූපිකාවන් සඳහා රුපියල් 15000 ක් බැගින්, වෙබ් අඩවියට ලක්ෂ විසි එකක් ඇතුළුව ලක්ෂ හැත්තෑවක් වැය කර ඇතැයි මන්ත්‍රීවරයා හෙලි කලේය.

තමන් සතු ලේඛන සියල්ල සභාගත කරන බවත් පැවසූ චාමර සම්පත් දසනායක මහතා කිසිදු ටෙන්ඩර් පටිපටියකින් තොරව වැය කර ඇති මෙම වියදම් අනුමත කිරීම ජනාධිපති කාර්යාලයට ප්‍රශ්නයක් වී ඇති බවත් පැවසුවේය.

“නිසි ක්‍රමවේදය අනුගමනය නොකර වියදම්, සංග්‍රහ වියදම්, ඇතුළු මුළු වියදම ලක්‍ෂ හැත්තෑවක් වැය කරලා තිබෙනවා. ඔයගොල්ලන්ට ලක්ෂ හැත්තෑව ගෙවන්න වෙන්නේ පැල්වත්තේ තියෙන අරමුදලෙන් තමයි.ජනාධිපති කාර්යාලයේ එකවුන්ස් එකින් චෙක්පත ලියන්නේ නැහැ.ඉතින් පටන් ගන්න කොටම වැඩේ ෆේල්.ඔයාලා ටෙන්ඩර් පටිපාටිය වත් දන්නේ නැහැ

ඒ වගේම ජනාධිපති කාර්යාලයෙන් ව්‍යවස්ථාපිත අරමුදල් පිහිටුවන්න බැහැ පිහිටු වෙනවා නම් ඔයගොල්ල පාර්ලිමේන්තුවට ගේන්න ජනාධිපති ක්ලීන් ශ්‍රී ලංකා අරමුදල ක් පිහිටුවනවා නම් ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවට ගේන්න 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතින් ව්‍යවස්ථාපිත අරමුදල් පිහිටුවීම නවත්තලා තියෙන්නේ” යයි චමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය”

Related posts

කොවිඩ් වෛරසය නිවෙස් තුළට ඇවිත් – වෛද්‍ය අලුත්ගේ

colombotoday

පළමු ඉණිම අසාර්තක වුවත් දෙවනි ඉණිම හරියට ක්‍රීඩා කරනවා…

colombotoday

කොරෝනා කාලේ රැදවියන්ට සිය නිවෙස්වලට කතා කරන්නට නොමිළේ දුරකතන පහසුකම්

colombotoday

බංග්ලාදේශය සියලුදෙනා දැවී ලකුණු 178

Admin

“අපි වසර දෙකක් ඇතුළත මහ බැංකුව ස්ථාවර කරා“ – අගමැති

colombotoday

මුල්ලිවයික්කාල් ස්මාරකය කඩා බිඳ දැමීම යනු දෙමළ ජනතාවගේ හැඟීම් එක රැයකින් සුනුවිසුණු කර විනාශ කර දැමීමට සමානයි..

colombotoday