Colombo Today Local News

බස් වර්ජනයක්?

ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති ක්ලීන් ශ්‍රී ලංකාව වැඩසටහ යටතේ පොලිස් නිලධාරීන් අනවශ්‍ය ලෙස බස් රථවලට කඩා පැන අඛණ්ඩව සිදුකරන හිරිහැරවලට එරෙහිව දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට පුද්ගලික බස් රථ රියදුරු සංගම් තීරණය කර ඇති බව වාර්තා වේ.

පොලිසියේ අනිසි මැදිහත්වීම් සම්බන්ධව පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරි කිරීමට ඉදිරි දින දෙක තුළ අපේක්ෂා කරන බවත් ඒ සඳහා ඉඩක් නොලැබුණොත් වැඩ වර්ජනය ආරම්භ කරන බවත් රියදුරු සංගම් නියෝජිතයෝ පිරිසක් පැවසූහමේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ රියදුරන් වැඩ වර්ජනයකට යනවා නම් එය නැවැත්විය නොහැකි බවයි..

බස් රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් කිරීම සහ අනෙකුත් කරුණු රැසක් සම්බන්ධයෙන් පොලිසියේ අනිසි මැදිහත්වීම ගැන බස් රථ රියදුරන් සහ රිය සහායකයින් දැඩි කලකිරීමෙන් පසු වන බව විජේරත්න මහතා පැවසීය.

කෙසේ වෙතත් පොලිසියේ අනිසි මැදිහත්වීම නිසා උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව ඉදිරි දින කිහිපය තුළ පොලිස්පතිවරයා සමග සාකච්ඡා කිරීමට බස් රථ හිමියන්ගේ සංගමයද සූදානමින් සිටින බවත් එහිදී තිරසර විසඳුමක් නොලැබුණොත් වැඩ වර්ජනයක් දියත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය

Related posts

” අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවේ විශාල වෙනසක් වෙයි “

colombotoday

උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න : දුම්වැටියකින් ඇති වූ බවට වන මතය බැහැර කළ නොහැකි

colombotoday

ඊයේ කලබල කල සියල්ලෝම අත්අඩංගුවට ගනු – හෝමාගම අධිකරණයෙන් පොලිසියට නියෝග

colombotoday

විදෙශ් ණය වාරිකය ඩොලර් කෝටි 100 ගෙවයි

colombotoday

ජොන්ස්ටන්ට එරෙහිව පැවති නඩුව යලි විභාගයට ගන්න – නගානන්ද කොඩිතුවක්කු

colombotoday

මිතුරියන් දෙදෙනා ලිපියක් ලියා එකටම අවසන් ගමන් යයි

Admin