පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය ඇතුළු ප්‍රධානම නිලධාරීන් තිදෙනා ඉවත් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමනාත් දොළවත්ත මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය හා නියෝජ්‍ය ලේකම්වරු දෙදෙනෙකු මෙසේ මාරු කිරීමට සූදානම් වන්නේ යැයි ඔහු චෝදනා කරයි.
මෙම සියලු නිලධාරින් තම වෘත්තියට අදාළ සුදුසුකම් සපුරා ඊට අදාළ පලපුරුද්ද සහිත පිරිසක් බවද පවසන ඔහු මේ සූදානම් වන්නේ තමන්ට හිතවත් පිරිස් පාර්ර්ලිමේන්තුවේ තනතුරුවලට පත් කර ගැනීම බවත් පවසයි.