Colombo Today Local News

ජනතාවම මුදල් එකතු කරදී මාස තුනයි.. කෝටි 20ත් නෑ.. පෙට් ස්කෑනරෙත් නෑ !

rajitha petමහරගම පිළිකා රෝහලට PET ස්කෑනරයක් ලබා දීම සඳහා ජනතාව රුපියල් කෝටි විස්සක් ලබා දී තුන් මාසයකට වැඩි කලක් ගතවී ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය තවමත් කර ඇත්තේ කමිටුවක් පත් කිරීම පමණක් බව අරමුදල පිහිටවූ අය පවසති.

PET යන්ත්‍රය මිල දී ගැනීම සඳහා අවශ්‍ය වූ රුපියල් කෝටි විස්ස සොයා ගැනීමට ගත වී ඇත්තේ දින සියයක් පමණි.

ඉතිරි වැඩ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරීමෙන් අනතුරුව මාස තුනක් ගතවී හමාර නමුත් තවමත් ටෙන්ඩර් කැඳවීම නිම කර නොමැත.

මෙම අරමුදල තර කිරීම සඳහා මුදල් පරිත්‍යාග කළ කිහිප දෙනෙකු සිය කනස්සල්ල ප්‍රකාශ කර සිටියේ PET යන්ත්‍රය ගෙන්වීම පිළිබඳව රජය මන්දගාමීව කටයුතු කරන බව චෝදනා කරමිනි.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් බීබීසීය කළ විමසීමක දී ඔහු කියා සිටියේ කිසිඳු ප්‍රමාදයකින් තොරව කටයුතු සිදු වන බවයි.

(බීබීසී සංදේශය)

Related posts

අගමැති රනිල් එන සඳුදා බැඳුම්කර කොමිසමට කැඳවයි

colombotoday

මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන අත්‍යාවශ්‍ය සේවා යටතට

colombotoday

කැළණි ගඟ පිටාර යන ලකුණු – කොලොන්නාව , හංවැල්ල අවදානමේ

colombotoday

පාසලක් නැතිව ළමුන් 2000 ක් ගෙවල්වල

colombotoday

මේ වසරේ ඖෂධ මිල දී ගැනීමට මුදල් වෙන්කරන බව ජනපති කියයි

Admin

ගිලන්රථයක ගැටී 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

Admin