Colombo Today Local News

ටෙන්ඩරය වැරදී හාල් ඇටයක්වත් ආනයනය කරන්න බැරිවෙයි

ර්ට පුරා සහල් හිඟයක් පැවැතිය ද රජය 26 පස්වරුව වන විට දක්වා එක සහල් ඇටයක් හෝ ආනයනය කර නැතැයි රෙගු ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සහ සතොස සහල් ආනයනයට පියවර ගෙන ඇතැයි වාර්තා වුව ද, සතොස මගින් ඉදිරිපත් කර තිබෙන ටෙන්ඩර් දෙක සඳහා ගැටලු සහගත තත්වයක් උද්ගත වී ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ආණ්ඩුව සහල් ආනයනය කිරීමට අසමත් වී ඇතැයි රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පෞද්ගලික අංශයේ කැකුළු මෙට්‍රික් ටොන් 28,500 ක් සහ නාඩු මෙට්‍රික් ටොන් 38,500ක් වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 67,000 ක් ඊයේ (25) වන විට මෙරටට ආනයනය කර තිබිණ.

මේ අතර සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබෙන කාලය ලබන ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

රංජන් කස්තුරි / මහින්ද නිශ්ශංක
– lankadeepa

Related posts

නිරිත දිගට වැඩි වෙන වැස්ස

colombotoday

අධිකරණ ඇමතිගෙත් ආචාර්ය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරයි

Admin

“ජනමත විචාරනයකට යන අලුත් ව්‍යවස්ථාවකට මෛත්‍රීට ජනවරමක් නෑ“ – එස් බී

colombotoday

විදේශීය ආයෝජකයන්ට අක්කර 5000ක ඉඩම්, රවී ඉන්දියාවේ හින්දු පුවත්පතට කියයි

colombotoday

යුරෝපයට, ඇමරිකාවට කළ අපනයන අඩු වෙලා.. ඇඟලුම් අපනයන ආදායම පහළ බසී

colombotoday

විරෝධතා පැවැත්වීමට ජනතාවට ඇති අයිතිය වැළැක්වීමට පියවර ගන්න එපා.. – ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයට අවධාරණය කරයි

colombotoday