Colombo Today Local News

අධිකරණ ඇමතිගෙත් ආචාර්ය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරයි

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්ද ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කරනු ලැබ ඇත.

සභානායක කාර්යාලය ඒවා තිබූ ලිපියක තොරතුරු අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ එලෙස ආචාර්ය උපාධිය සඳහන් කර තිබිණැයි කියති.

කෙසේ වෙතත් හර්ෂන නානායක්කාර මහතා පෞද්ගලිකව ආචාර උපාධියක් ගැන සඳහන් කර ලිපියක් භාරදී නොතිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ විස්තර නිවැරදිව සටහන්ව තිබේදැයි පූර්ණ සොයාබැලීමක් කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එම වෙබ් අඩවිය බාර නිලධාරීන්ට දැනුම් දී ඇත.

මේ අනුව වෙබ් අඩවියේ වැරදි ලෙස සටහන්ව තිබූ තොරතුරු කිහිපයක් සංශෝධනය කර ඇතැයි දැනගන්නට ඇත.

– Lankadeepa

Related posts

සචිත්‍ර සේනානායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවයි

Admin

නව යුද හමුදාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක !

colombotoday

බුරු මූණාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662ක් සොයා ගනී

Admin

පක්ෂ නායකයෝ රැස්වී තීරණයකට එයි.. අගමැතිගේ ඉරණම තීන්දු වන දිනය මෙන්න

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන් ඇල්ලීමට අද රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුම්

colombotoday

මහ කන්නයේ දී වගා හානි වූ ගොවීන්ට වන්දි

Admin