Colombo Today Local News

හදුන්නෙත්තිගේ නම විකුණා මුදල් ගරලා

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (24) දහවල් කොළඹ අපරාධ පරීක්ෂණ මූලස්ථානය වෙත පැමිණ තමන් නමින් සිදුකරන මුදල් වංචාවක් ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ලෙස හඳුන්වා ගත් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රජා සත්කාරක සේවා සඳහා යැයි පවසමින් මුදල් ලබාගන්නා බවට තමන්ට තොරතුරු වාර්තා වී ඇති බව පවසමින් ඇමැතිවරයා විසින් අපරාධ පරීක්ෂණ මූලස්ථානයට සාක්ෂි සහිතව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පැවසුවේ මහජන නියෝජිතයකු මෙන්ම වගකිවයුතු අමාත්‍යවරයකු ද වන තමා වැනි අය පවා භාවිත කරමින් මෙවැනි වංචා නොබියව සිදුකරන පසුබිමක සාමාන්‍ය ජනතාව මෙවැනි වංචාකරුවන්ගේ ඉලක්ක බවට පහසුවෙන්ම පත්වීමේ හැකියාවක් ඇති බවයි.දැනට ලංකාවේ ක්‍රියාත්මක නීතිය මෙවැනි වංචාකරුවන් කොටු කර ගැනීමට ප්‍රමාණවත් බව පැවසූ අමාත්‍යවරයා තමාට මෙන්ම මෙවැනි වංචාවන්ට හසු වූ අනෙකුත් අය වෙනුවෙන්ද නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව තමා විශ්වාසය තබන බව පැවසීය.

එසේම ජනවාරි 5 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ මෙම වංචාකරුවන් විසින් ජනහමුවක් සංවිධානය කර ඇති බවට මේ වන විට ප්‍රචාරය වන බවත් එවැනි ජනහමුවක් තමා හෝ තම පක්ෂය විසින් සංවිධානය කර නොමැති අතර තමා නමින් මුදල් ඉල්ලන මෙවැනි වංචාකරුවන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙසත් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මදුසංක තවදුරටත් රිමාන්ඩ්. පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳව නීතිඥයින් කරුණු දක්වයි.

colombotoday

රට වෙනුවෙන් සේවයට නැවත කැදවීමක්… නව ආරක්ෂක ලේකම් සෙන්පති කමල් !

colombotoday

පොලීසිය බලා සිටියදීම මැරයෝ පොලු මුගුරුවලින් තෙල් සේවකයන්ට පහරදුන් හැටි (Video)

colombotoday

පඩි මදිනම් වෙන රස්සාවක් හොයාගන්නවා ! – අගමැති විගණකාධිපතිට කියයි

colombotoday

දන්නේ නැත්නම් සීයා උපදෙස් දෙන්න සූදානම්

Admin

අගෝස්තු මස 01 වැනිදා ගුවන් තොටුපළ විවෘත නොවේ

colombotoday