Colombo Today Local News

අයින් කළේ නෑලු අයින් වුණා ලු

ජාතික රූපවාහිනියේ සභාපති, ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර ඉල්ලා අස්වූයේ මාස තුනක කාල සීමාවක් සඳහා භාර ගත් එම කටයුත්තේ කාලය අවසන් වීම නිසා බව තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කරයි.

වත්මන් ආණ්ඩුව පත්වු වහාම කරන ලද පත්වීම් අතර රාජ්‍ය ප්‍රධානීන් පත් කිරිම ඉතාම ඉක්මනින් සිදුවු අතර එම පත්විම් ලබා මාස තුනක් ගත වන විට ජාතික රූපවාහිනි සභාපති ධූරය සම්බන්ධව ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව තිබේ.රූපවාහිනි සභාපතිවරයා ලෙස කටයුතු කළ සෙනේෂ් දිසානායක බණ්ඩාර සිය ධූරයෙන් ඉවත් වී ඇති අතර සමාජ මාධ්‍ය තුළ එය ලැව් ගින්නක් සේ පැතිර ගියේ ය.

ව්ත්මන් ආණ්ඩුව කරන ලද ප්‍රධාන පෙළේ පත් කිරිමක් අත්හරින ලද දෙවන පුද්ගලයා ඔහු ය. කතානායකවරයා ලෙස කටයුතු කළ අශෝක රන්වලට මීට පෙර සිය ධූරයෙන් ඉවත් වන්නට සිදුවුයේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව මතුවු ගැටලුකාරි තත්ත්වයක් හේතුවෙනි.ඇතැමුන් සමාජ මාධ්‍ය තුළ පවසා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පිළිබඳව පළ කරන ලද හාස්‍යජනක විඩියෝවක් නිසා රූපවාහිනි සභාපතිවරයා ධූරයෙන් ඉවත් කර ඇති බවයි. එමෙන්ම වෘත්තිය සමිති සහ ඇතැම් නිලධාරින් සමග ඇති වු ගැටලු හේතුවෙන් ඔහුට සිය ධුරය අහිමි වු බවට කටකතාවක් පැතිරුණි.

කෙසේවෙතත්, සෙනේෂ් දිසානායක බණ්ඩාරගේ ෆේස් බුක් සටහනින් කියන්නේ තම ගිවිසුම් කාලය වන මාස 03 ක කෙටි කාල සීමාව අවසන් වූ නිසා මෙසේ සමුගන්නා බවකි. තමන් සහ නලින්ද ජයතිස්ස අතර කිසිදු ගැටුමක් නොමැති බව පෙන්වීම සඳහා තම ෆේස් බුක් ගිණුමේ ඡායාරූපය සහ කවරයේ ඡායාරූපය යන දෙකම නලින්ද ජයතිස්ස සමග ගෙන ඇති ඡායාරූප වලින් සැරසීමට සෙනේෂ් කටයුතු කර තිබේ.

Related posts

මන්නාරමේ හිංදු ක්‍රිස්තියානි ගැටුමක්

colombotoday

රත්මලානේ අංජුගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

colombotoday

විදුලි බිල ගෙවන්න අමාරු පූජනීය ස්ථාන ලයිස්තුවක් හදයි

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් CID අත්අඩංගුවට

colombotoday

රටටම හොරෙන් අගමැති රනිල් ඇමරිකාවත් එක්ක ගහපු ගිවිසුම මෙන්න…

colombotoday

FCID එකට දේශපාලන බලපෑම් එල්ල වෙනවා – ජවිපෙ කියයි

colombotoday