Colombo Today Local News

සහල් සහ පොල් හිඟයක් ඇති වෙලා

අද වන විට රට තුළ පොල් සහ සහල් හිඟයක් ඇතිවී තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

සහල් හිගය මගහරවා ගැනීම සඳහා මේ වන විට ඉන්දියාවෙන් සහල් ආනයනය කරමින් ඇති බවත් පවසන අමාත්‍යවරයා පොල් ආනයනය කිරීමේ හැකියාවක් නැති බවද කියා සිටියි.

පොල් හිගය ඇති වීමට පසුගිය වසර පහක කාලයේදී පොල් වගාව නිසි ලෙස නඩත්තු නොකිරීමත් එම කාලයේදී බලපෑ පොහොර හිඟයත් බලපා ඇතැයිද ඔහු කියා සිටියේය.

නමුත් රජයේ පොල් වතුවල පොල් සතොස ජාලය හරහා මහන මිලට බෙදා හරින බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

ඉදිරියේදී පොල් වගාව සංවර්ධනය කිරීමට තම රජය යටතේ බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කියා සිටී.

Related posts

“අද මේ රට පාලනය කරන්නේ දෙමළ බෙදුම්වාදයේ වහල්ලු” – රට බෙදන උතුරේ යෝජනා ගැන විමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

පදමට සූර් වී සිරකරුවන් ප්‍රවාහනය කළ ජේලර්,සැරයන්-නියාමක අත්අඩංගුවට

colombotoday

සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවයි

Admin

සියළු ආදායම් යෙදවූවත් ණය පොලී ගෙවීමටත් මදි.. ආර්ථිකයට වෙන්න යන දේ මෙන්න

colombotoday

කොවිඩ් පොකුරු මතුවුණොත් ඡන්දය කොටස් වශයෙන්

colombotoday

ඇන්ටනිපුරම් දී මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

Admin