Colombo Today Local News

බෞද්ධ හින්දු එකමුතුව හදන්න ඉන්දීය විදේශ ඇමතිනිය සහ හින්දු සම්මේලනය අතර සාකච්ඡා

Buddhist-Hidu-Relationship-230

ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති අරුන්කාන්තන් මහතා සහ ඉන්දීය විදේශ ඇමතිනී සුශ්මා ස්වරාජ් මහත්මිය අතර හමුවක් පසුගියදා කොළඹදී සිදුව තිබෙනවා. ඒ ඉන්දීය විදේශ ඇමතිනියගේ ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුදීයි.

ශ්‍රී ලංකාවේ බෞද්ධ සහ හින්දු ජන ප්‍රජාව අතර සංහිදියාව වර්ධනය කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා කළ බවයි අරුන්කාන්තන් මහතා සදහන් කළේ. මෙරට ජීවත්වන හින්දු ජනතාවට බෞද්ධ සෙවණේ ඇති ආරක්ෂාව සහ රැකවරණය ඉතා ඉහළ බවත්, බටහිරින් මුදල් ලැබෙන අන්තවාදී කණ්ඩායම් බෞද්ධ හින්දු එකමුතුව විනාශ කිරීමට ගෙනයන කුමන්ත්‍රණ පිළිබදවද ඉන්දීය විදේශ ඇමතිවරිය දැනුවත් කිරීමට හැකියාව ලැබුණු බවත් ඒ මහතා ColomboToday.com සමග වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කළා.

දෙදෙනා සමග පැයකට වැඩි වෙලාවක් සාකච්ඡා පැවැත්වී තිබෙන අතර ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් පෞද්ගලිකවම ලැබුණු උපදෙස් මත බෞද්ධ – හින්දු එකමුතුව වර්ධනය කිරීම සදහා පූර්ණ සහයෝගය ලබා දෙන බවද සුශ්මා ස්වරාජ් මහත්මිය මෙහිදී සදහන් කර තිබෙනවා.

ඉන්දියානු බෞද්ධ ප්‍රජාව සමගද සමීප සබදකමක් ඇති සුශ්මා ස්වරාජ් මහත්මිය ඉන්දියානු බෞද්ධ සංස්කෘතියේ හදබිමක් ලෙස සැළකෙන “සාංචි“ ප්‍රදේශය අයත් වන මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන මන්ත්‍රීවරියද වනවා.

 

Related posts

බන්ධනාගාරයේදී ජංගම දුරකතනයක් භාවිත කල ධානිෂ් අලීට වැඩ වරදී

colombotoday

අවුරුද්දක් වැටුප් නොගෙන වැඩ කරන්න ඇමතිවරු තීරණය කරති

colombotoday

මෛත්‍රී ජනපති අපේක්ෂක කම දෙපැත්තෙන්ම ඉල්ලයි

colombotoday

ජනපති යළි එයි… හදිසි නීතිය අවසන්… ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

නව රාජ්‍ය අමාත්‍යවරු 21 ක් දිවුරුම් දෙයි….

colombotoday

ඇලෝසියස්ගෙන් මම රුපියල් සීයක්වත් අරන් තිබුණා නම් ඉවරයි

colombotoday