Colombo Today Local News

චීනෙටත් නැති ප්‍රශ්නයක් රටේ මාධ්‍යයට ඇති වෙලා

චීන රජය විසින් මෙරට පාසල් දරුවන්ට නොමිලේ ලබා දුන් නිල ඇඳුම් පරිත්‍යාගය වෙනුවෙන් පැවැති උත්සව දිනයේ දී සිදුවූ යම් කාරණාවක් චීන රජයටත් වඩා මෙරට මාධ්‍ය කිහිපයකට ගැටළුවක් වී තිබූ බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

විපක්ෂයේ දේශපාලඥයන්ගේ උවමනාව මත ක්‍රියා කරන මාධ්‍ය කිහිපයක් විසින් එය විශාල ගැටළුවක් කර ඇති බවත් රටවල් දෙකක් අතර ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වන ආකාරයට අදාළ සිදුවීම වාර්තා කර තිබූ බවද ඇය කියා සිටියාය.

නමුත් චීන තානාපතිවරයා එම තත්වය වඩා හොඳින් වටහාගෙන යුතු කරන තත්ත්වයක් තුල විපක්ෂය උත්සාහ කරන්නේත් ආණ්ඩුවට රාජතාන්ත්‍රික සබඳතා කළමනාකරණය කිරීමට බැරි බව පෙන්වීමට බවත් පැවසුවාය.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් තම රාජතාන්ත්‍රික කළමනාකරණය මැනවින් ඔප්පුවෙමින් ඇතැයිද කියා තව දුරටත් කියා සිටියාය.

පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

අදාල උත්සවයේදී චීන රජය විසින් ලබා දුන් පරිත්‍යාගය පිළිගනිමින් ඇය චීනයේ ප‍්‍රධාන සතුරෙකු සේ සලකන චීන ජනරජය (තායිවානය)ට ස්තුති කළේ යැයි මෙරට මාධ්‍ය කිහිපයක් ම වාර්තා කර තිබිණි.

චීනයට ‘මහජන චීන සමූහාණ්ඩුව‘ (People’s Republic of China (PRC) ලෙස පවසන අතර ‘චීන ජනරජය’ (Republic of China’ ROC) යයි පවසන්නේ තායිවානයටයි.

Related posts

රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

ISIS ත්‍රස්තවාදීන් ඉන්දියාවේ ප්‍රාන්තයක් අල්ලා ගනී….

colombotoday

වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් එළියට

colombotoday

පාස්කු ප්‍රහාරය දේශපාලන ජයග්‍රහන සඳහා යොදාගන්න එපා

Admin

එජාප අලුත් මන්ත්‍රීවරියක් දිවුරුම් දෙයි

colombotoday

බැදුම්කර බෑණා NDB බැංකුවේ කොටස් සල්ලිවලට ගනී

colombotoday