Colombo Today Local News

‍රට වටේ ඇති ජනාධිපති මන්දිර මහජන සේවයට

රටේ විවිධ ප්‍රදේශවල ඉදිකර තිබෙන ජනාධිපති මන්දිර සියල්ල මහජන සේවාව වෙනුවෙන් යොදා ගැනීමට රජයේ සැලසුම් කර තිබේ.

ජනාධිපතිවරණයට පෙර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාවට ලබාදුන් පොරොන්දුවකට අනුව මෙම පියවර ගෙන තිබේ.

නුවරඑළිය, කතරගම, මහනුවර, අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ජනාධිපති මන්දිර ඉදිකර තිබෙන අතර ඒවා නඩත්තු කිරීම සඳහා අධික පිරිවැයක් රජයට දැරීමට සිදුව ඇත.

ජනාධිපතිවරයාට යම් රාජකාරි කටයුත්තකට කොළඹින් බැහැරව සිටීමට සිදුවුවහොත් ඒ සඳහා ස්ථානයක් වෙන් කර ගත හැකි බව මේ සම්බන්ධව අදහස් දක්වමින් කරුණු පැහැදිලි කරුණු පැහැදිලි කරන අමාත්‍ය විජිත හේරත් මහතා කෝටි ගණන් වැය කරමින් මෙවැනි මන්දිර නඩත්තු කිරීම රටකට කරන අපරාධයක් යැයි ද පෙන්වා දුන්නේය.

Related posts

පාර්ලිමේන්තුවේ කමිටු තුනකට අලුත් මන්ත්‍රීවරු

Admin

විවාහ වීමේ වයස 21 ක් කරන්න. – අල් මුස්ලිමාත් සංවිධානයේ මරීනා රිෆායි එක රටක් එක නීතියක් බලකායෙන් ඉල්ලයි.

colombotoday

එස්.බී දිසානායකට අල්සයිමා ලෙඩේ හැදිලා

colombotoday

නීතිවිරෝධිව මසුන් ඇල්ලීම වහා නවත්වන්න පියවර ගන්න – ජනපති දැනුම් දෙයි !

colombotoday

ඇමති ජෝන්ට සූර් වී මාධ්‍ය හමුව අවලංගු කරයි

colombotoday

අතින් ‘කුඩු’ දමා පුද්ගලයන් උසාවි ගේන පොලිසියට වැඩ වරදී

colombotoday