ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එළඹ ඇති ගිවිසුම කඩා බිඳ දමා යාමට හැකියාවක් නැති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රට වෙනුවෙන් ලබාගත හැකි දේවල් ලබා ගැනීමට සූදානම් බව ද හෙතෙම කියා සිටියි.
නමුත් එළැඹ ඇති ගිවිසුම්වල යම් යම් සංශෝධනයන් කර ගැනීමේ අවශ්‍යතාවයන් ඇති බවත් ඒ වෙනුවෙන් යම් යම් සාකච්ඡා මේ වන විට සිදුවෙමින් ඇති බවත් හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් මේ මොහොතේ වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් යයිද පැවසුවේය.