Colombo Today Local News

වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි

යුද හමුදාව විසින් යාපනය වඩමාරච්චි කාකෝවලම් ප්‍රදේශයේ පවත්වාගෙන යන යුද හමුදා කඳවුරක් මේ මස තිස් වැනිදාට පෙර ඉවත් කර ගැනීමට තීරණය කර තිබීම.

එම ප්‍රදේශයේ අක්කර අටක ප‍්‍රමාණයකින් යුතු පෞද්ගලික ඉඩමක මෙම හමුදා කඳවුර වසර 38ක කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබේ.

ඉඩම් මුල් අයිතිකරුවන් තිදෙනකු එහි භුක්තිය තමනට ලබාදෙන ලෙස රජයෙන් කළ ඉල්ලීම් වලට අනුව කඳවුර ඉවත් කිරීමට තීරණය කර තිබේ.

යුධ සමයේදී ප්‍රදේශයේ වැසියන් ඉඩකඩම් අතහැර පලායමෙන් පසුව ප‍්‍රදේශයේ ආරක්ෂාව පවත්වාගෙන යෑමට මෙම හමුදා කඳවුර ඉදිකර තිබින.

ඉඩමේ මේ වන විට ස්ථිර ගොඩනැගිලි රැසක් හා ස්ථිර වගා විශාල ප්‍රමාණයක් තිබේ.

ඒ අනුව කඳවුරේ ගොඩනැගිලි හා වගාවන් එලෙසම තිබියදී හමුදා භට පිරිස් වාහන පමණක් ඉවත් කර ගැනීමට හමුදාව තීරණය කර ඇත.

Related posts

රහස් ප්‍රදේශයක රන් බිස්කට් සඟවා ගෙන ආ උස්මාන් කටුනායක දී කොටු

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට නාවොත් වැඩ වරදී ! – නීතිපති අනතුරු අඟවයි

colombotoday

සත්ව ඝාතන අඩු කරන්න රටින් ගේන මස්වලට බදු අඩුකරයි

colombotoday

බෞද්ධ සමාජයට, සිංහලයන්ට අත්වෙන ඉරණම ගැන කණගාටුයි – රාමාඤ්ඤ මහා සංඝ සභාව

colombotoday

CID භාරයේ සිටි කතක් උඩු මහළින් පැන සියදිවි හානිකර ගනී

colombotoday

මානව හිමිකම් කොමිසමේ පෙත්සම සලකා බලා අවසන් වන තුරු විදුලි කප්පාදුවක් නැහැ… – ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

Admin