Colombo Today Local News

එළවළු මිල යලි ඉහළට

යල කන්නයේ වගා කටයුතු අවසන් වීමත් සමග වෙළෙඳපොළේ යළිත් එළවළු මිල ගණන් ඉහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග කියයි.

මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු තොග ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවද එම මධ්‍යස්ථාන නිලධාරීහු කියා සිටිති.

එළවළු කිලෝවක තොග මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ මෙලෙසිනි.

බෝංචි රු.350-370, මාළු මිරිස් රු. 480-550, මල් ගෝවා රු.400, අමු මිරිස් රු.330-380, වැටකොළු රු.230, පතෝල රු.220, කරවිල රු.380, තක්කාලි රු.180-210, පිපිඤ්ඤා රු.100.

කෙසේ නමුත්,බීට්, කැරට්, ගෝවා, රාබු ආදී උඩරට එළවළු වර්ග කිලෝවක තොග මිල රුපියල් 100 කට වඩා අඩු මිලක පැවැතියත් එම එළවළු වර්ග කිලෝවක් සිල්ලරට අලෙවි කරනු ලබන්නේ රුපියල් 200 ත් 250 ත් අතර මිලකටය.

පසුගිය කාලයේදී කැරට් කිලෝවක තොග මිල රුපියල් 2000 ත් 3000 ත් අතර මිලක් දක්වා ඉහළ ගියද, මේ දිනවල කැරට් කිලෝවක තොග මිල රුපියල් 80 ත් 100 ත් අතර මිලක් දක්වා අඩුවී තිබේ. නමුත් කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 200 කි.

Related posts

ඩීසල් ලීටර් 19,000ක් සමග 4ක් අත්අඩංගුවේ

colombotoday

මත්පැන් මිල ඉහළට

colombotoday

ඉදිරියේදී ධර්ම සංඝායනාවක් කරනවා – ජනපති

colombotoday

මහින්දගේ ජනපති අපේක්ෂක ඉඟියත් සමග වෙල්ගමට යලිත් ගෝඨා භය වැළඳෙයි

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට !

colombotoday

අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගම ලක්ෂ 4,445ක හිඟ බදු ගෙවලා !

colombotoday