Colombo Today Local News

ජැක්සන්ලට වැඩ වරදියි

බස් රථ තුළ ගමන් ගන්නා දැරියන්ට ලිංගික අපයෝජන කරන පුද්ගලයන්ට වසර පහක් දක්වා සිරදඩුවම් ලබාදීමට හැකි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

බස් රථවල ගමන් කරන කාන්තාවන්ගෙන් සියයට 80 ක් පමණ අතවරයට ලක්වන බව අනාවරණයවී ඇතැයි ද එම අධිකාරිය කියයි. එම අධිකාරියේ අධ්‍යක්ෂ (නීතිය බලාත්මක කිරීම්) සජීවනී අබේකෝන් කියා සිටියේ ළමයින්ගෙන් වැඩි පිරිසක් ලිංගික අපයෝජනයට ලක්වන්නේ පූජ්‍ය පක්ෂයෙන් බවය. එසේ ක්‍රියා කරන පූජ්‍ය පක්ෂයට ද,නඩු පැවරීමට අධිකාරිය කටයුතු කරන බව ඇය කියා සිටියාය.

එම අධිකාරියේ ඊයේ (24 වැනිදා) පැවැති වැඩමුළුවකදී අධ්‍යක්වරිය මේ බව සඳහන් කළාය. දෙමාපියන්ගේ පවුල් ආරවුල් බරපතළ ලෙස ළමුන්ගේ දූෂණවලට බලපාන බව ද ඇය කියා සිටියාය.

දැරියන්ගේ ඡායාරූප යොදාගෙන AI තාක්ෂණය ඔස්සේ නිරුවත් ඡායාරූප සකස් කිරීම ඉහළ ගොස් ඇති බවත්, දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්තියට අනුව අවුරුදු 18 ට අඩු ළමයින්ගේ නිරුවත් ඡායාරූප, වීඩියෝ පට ළඟ තබා ගැනීම අපරාධ වරදක් බවද ඇය සඳහන් කළාය.

Related posts

සියඹලාණ්ඩුවේ පාසල් බස් රථයක් පෙරලී 36 දෙනෙකු ට තුවාල

Admin

මරාගෙන මැරෙන්න 11 දෙනෙක්‌ සූදානම් කරලා ඉඳලා

colombotoday

තිස්ස විහාරේ සිද්ධිය වාර්තා කරන්න ගිය මධුභාෂණට වට්ස්ඇප් මැර තර්ජන

Admin

වෘත්තීය සමිති 40ක් අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

සිවාජිලිංගම්ගෙන් මහ ජාතියට අභියෝග.

colombotoday

“දෙවියන් වහන්සේ එපා කීවත්, උතුරෙන් හමුදාව ඉවත්කළ යුතුයි” – TNA

colombotoday