Colombo Today Local News

මෝල් හිමියන්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

සහල් මෝල් හිමියන් අවබෝධයෙන් කටයුතු කරන්නට සූදානම් නොමැතිනම් ඔවුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුවේ පැවැති ජාතික ජන බලවේග මැතිවරණ ප්‍රචාරක රැලියේ දීය.

ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

ජනතාවගේ මූලික වුවමනාවන් ඉටු කරන බවට අපි සහතික වෙනවා. මේ වෙලාවෙ තියෙන්නේ විපක්ෂ කතා නෙමෙයි. බලවත් ආණ්ඩුවක් හදන්න ඕනෑ. ඉදිරියේ දී තීන්දු තීරණ රැසක් ගත යුතුව තිබෙනවා. ඊයේ මම සහල් මෝල් හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වූවා. අපි ඔවුන්ට කිව්වා අවබෝධයෙන් වැඩ කරන්න ලෑස්තියි කියලා. හැබැයි ඔවුන් අවබෝධයෙන් වැඩ කරන්න ලෑස්ති නැත්නම් අපි නීතියෙන් වැඩ කරන්නත් ලෑස්තියි කියලා ඔවුන්ට කියලා තියෙන්නේ. සංචාරක කර්මාන්තයට අවශ්‍ය සහල් හැර වෙනත් කිසිදු සහල් වර්ගයක් අපි ආනයනය කරන්නේ නැහැ. ඕගොල්ලො කුඹුරට බහින්න. හෙක්ටයාරයකට දුන් රුපියල් පහළොස් දහස අපි රුපියල් විසි පන් දහස දක්වා වැඩි කරලා තියෙනවා. ජනවාරි මාසය වන විට වී මිල දී ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කරනවා. ගොවි ජනතාවට ශක්තිමත් ආදායමක් ලැබෙන පරිදිමේ කෘෂිකර්ම ක්ෂේත්‍රය පරිවර්තනයකට ලක් කරන්න අපි සූදානම්.

Related posts

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය

colombotoday

කීත් නොයාර් පැහැර ගැනීම පිළිබද ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්‌ ගන්න නියෝග

colombotoday

විදුලි බල සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

colombotoday

ඇවන්ගාඩ් වෙනුවෙන් එජාප මන්ත්‍රීන් පෙරට එයි!

colombotoday

බන්ට් එකේ කුඩු නෝනා අත්අඩංගුවේ

colombotoday

ජනපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක් !!

colombotoday