රාජ්‍ය සේවකයන්ගේ වැටුප් එළඹෙන වසරේ සිට වැඩි කිරීම සම්බන්ධයෙන් පවතින මුදල් තත්ත්වය මත තීරණයක් ගන්නා බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.
රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නේදැයි මාධ්‍ය විසින් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති කැබිනට තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
2025 වසර සඳහා අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කිරීම කාලයක් නැති නිසා එළඹෙන වසරේ මුල් මාස තුනට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් හෙතෙම එහිදී තවදුරටත් පැවසුවේය.