Colombo Today Local News

වාහන ආනයනය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

වාහන ආනයනය ආනයනය කිරීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට සිදු කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

“වාහන ආනයනය කිරීම සඳහා ඉඩ පහසුකම් සලසන්න කියලා විශාල ඉල්ලීමක් තියෙනවා. ඒ පිළිබඳව කලින් ගත්ත කැබිනට් තීන්දුවක් තියෙනවා. නමුත් අපි මේ හදිසියේ වාහන ගෙන්වීමක් සිදු කරලා නැහැ. අපි බලයට පත් වුණාට පස්සේ තීරු බදු සහන දෙන වාහන ගෙන්වලා නැහැ.

නමුත් වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට යටත්ව අපේ ඩොලර් ප්‍රමාණයන් පිටට ඇදිලා යන්නේ නැති වෙන්න, අපිට නැවත ඩොලර් අර්බුදයක් ඇති නොවන ආකාරයටත්, ඒ වගේම වාහන අවශ්‍යතාව සැපිරීම සඳහා යම් ඉඩ ප්‍රස්ථාවක් විවෘත කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.”

Related posts

ඩුබායි රැකියා ලබාදෙන මුවාවෙන් ලක්ෂ ගණන් ගැරූ යුවළක් දෙමටගොඩදී අල්ලයි

Admin

ව්‍යවස්ථාදායක සභාවෙන් තනතුරු ගන්න නම් රෑට රෑට ගොස් කථානායක හමුවෙන්න ඕනෑ

colombotoday

මොනවා හරි විකුණලා රේටින් වලින් උඩට ගියාම ජනපතිගේ ප්‍රතිපත්තියත් ණයට කකා ජොලියේ ඉන්න එක

Admin

මහාචාර්ය කාලෝ රෝහල්ගත කරයි.. ඉහළම වෛද්‍ය කණ්ඩායමකින් දැඩි සත්කාර !

colombotoday

දැඩි කොන්දේසි මත බැසිල්ට ඇප… රට ගමන් තහනම්

colombotoday

ඉන්දු – ලංකා හනුමා පාලම හැදුවොත් පුපුරවනවා – ගම්මන්පිල

colombotoday