ජාතික ජන බලවේගය විසින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී කවුන්සිලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා ජාතික ලැයිස්තුවට නම්කර ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සුගත් වසන්ත ද සිල්වා සහාය පළකළ අතර, ඔහු සමාජ ක්‍රියාකාරිකයකුද වේ.
සුගත් වසන්ත ද සිල්වාට මෙවර පාර්ලිමේන්තු වරම් හිමි වුවහොත් ඔහු මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු දෘෂ්‍යාබාධිත පුද්ගලයා වනු ඇත.