හොරු අල්ලන්නේ නීත්‍යානුකූල ලෙස බවත් දේශපාලන පලිගැනීම් නොමැති බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
එලෙස හොරු අල්ලන විට නහයෙන් අඬන්න එපා යැයි ද හෙතෙම අනතුරු ඇඟවීය.
තවමත් ආණ්ඩුව පත්ව සති දෙකක් නිසා එම කාලය තුළ සියල්ල බලාපොරොත්තු නොවිය යුතු බව ද ඔහු පෙන්වා දෙයි.
එහි දී ටිල්වින් සිල්වා සඳහන් කළේ තමන් ඡන්දේ ඉල්ලීම හෝ ආණ්ඩුවේ තනතුරු ගැනීමක් සිදු නොකර අතර පක්ෂ ලේකම් ධුරයේ වගකීම ඉටු කරන බවයි.