Colombo Today Local News

වේයෝ කාපු අබලන් වූ පෝර්ෂ් රථය නිසා රෝසි දහදුක් විඳලා

මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයට පත්ව තිබෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරියක් ලෙස කටයුතු කළ රෝසි සේනානායක මහත්මිය භාවිතා කළ පෝෂ් වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඇය ඊයේ (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

එහිදී ඇය සඳහන් කළේ ජනාධිපති උපදේශකවරිය ලෙස කටයුතු කළ වසරක කාළය තුළ ඇයට වාහන 8 ක් ලබාදුන් බවත් එම සියලු වාහන අබලන් තත්ත්වයේ පැවති ඒවා බවත්ය.

පෝෂ් වර්ගයේ මෝටර් රථයක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට ලබා දී තිබුණේ, ඊට පෙර ලබා දී තිබුණු මෝටර් රථ සියල්ල විවිධ හේතූන් මත කාර්මික දෝෂයන්ට ලක්වීම හේතුවෙන් බව රෝසි සේනානායක මහත්මිය පැවසුවා.

තමන් කිසිසේත්ම සුඛෝපභෝගී මෝටර් රථයක් ඉල්ලා නොසිටි බව පවසන රෝසි සේනානායක මහත්මිය, අදාල පෝෂ් මෝටර් රථය, ශ්‍රාවස්තියේ පුස්කමින් තිබූ එකක් බවද මාධ්‍ය අමතමින් සදහන් කළා.

තමන්ට මෙම රථය ලබා දුන් අවස්ථාවේදී එය නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේදී කඩා වැටුණු බවත් එය අධික ලෙස ඉන්ධන කා දමන රථයක් බවත් ඇය පෙන්වා දෙනවා.

මෙම පෝෂ් මෝටර් රථය ඇතුළට වතුර ගලන බවත්, සන් රූෆ් එක වේයෝ කා තිබුණු අතර කිසි දිනෙක ඩිකිය ඇරගන්න බැරි වූ රථයක් බවද ඇය දුක සේ මෙහිදී සදහන් කළා.

Related posts

අත්අඩංගුවට ගත් බුද්ධි අංශයේ කොමාන්ඩර් රණසිංහ මරාගෙන මැරෙන ඇදුම් සහ බෝම්බ 51ක් සොයා ගත්තෙක්

colombotoday

“වරාය නගරය ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවහොත් මේ රට ගොඩ යන එක ස්ථිරයි “

colombotoday

ඉන්දියාවත් එක්ක ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධන ගිවිසුම මාසයකින් අත්සන් කරනවා – ගම්මන්පිල ඉන්දියාවට කියයි

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට !

colombotoday

සතුරු බලවේග පරදා, දිනූ මව්බිමේ නිදහස රැකදෙන්න.. මහ සඟරුවන සත්‍යක්‍රියාවක

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට පිහිපහරක්

Admin