Colombo Today Local News

කටුනායක ගුවන් තොටුපලෙන් අත්අඩංගුවට ගත් සැකකරු

ඊයේ (02) අත්අඩංගුවට ගැනීමට ගුවන්තොටුපොළ පොලීසිය අපරාධ කොට්ඨාශයේ නිලධාරින් සිදුකළ මත්කුඩු සෝදිසි මෙහෙයුමක් අතරතුර පළාගිය සැකකරුවෙකු රටින් පළායාම සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ සමත්ව තිබේ.

සැකකරු ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට සූදානම්ව සිටි බව වාර්තා වෙයි.

ඉකුත් දෙසැම්බර් 31වනදා වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වැටලීමකදී ත්‍රිරෝද රථයක ශබ්ද විකාශන යන්ත්‍රයක් තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනුණු අතර රථය පදවාගෙන ආ මෙම පුද්ගලයා එහිදී පළාගොස් තිබුණි.

වැලිගම මිදිගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් වන සැකකරු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බව හෙළිවී ඇත.

සැකකරුට එරෙහිව වැලිගම පොලීසිය විදෙස් ගමන් තහනමක්ද ලබාගෙන තිබුණේ විමර්ශනවලට අදාළවය.

සැකකරුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට අද (03) පෙරවරුවේ ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වැලිගම පොලීසියට අවසර හිමිව තිබේ.

Related posts

“ආරක්ෂක තත්ත්වය අන්තිමයි.. යහපාලනය එන්න කළින් හමුදාව ශක්තිමත්, දැන් දුර්වලයි, හදිසි යුද්ධයක් ආවොත් අපි ඉවරයි” – ෆොන්සේකා අනතුරු අගවයි

colombotoday

පාසලක සිසුවෙක් ඔංචිල්ලාවෙන් ඇද වැටී මරුට

colombotoday

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

Admin

ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත්‍රී – මහින්ද රහස් හමුවක් !

colombotoday

මෛත්‍රී පිල පරදා මහින්ද පිල ලේක්හවුස් නිදහස් සේවක සංගමයේ බලය අල්ලයි

colombotoday

ශ්‍රී ලංකාවේම නිපද වූ Quadricycle රථය ළගදීම වෙළදපොලට !

colombotoday