Colombo Today Local News

ජාතික ලැයිස්තුව නොමැතිව කිරිඇල්ල අර්බුදයක

ඉදිරි පාර්ලිමේන්තු මැතිරණයේදී සමගි ජන බලවේග ජාතික ලැයිස්තුව සඳහා ඉල්ලුම් ලැබී ඇති ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

මෙම තත්ත්වය මත ජාතික ලැයිස්තුවෙන් නොව තරග කරපු ජයග්‍රහණය කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි පක්ෂ නායකත්වය බොහෝ දෙනෙකුට දැනුම් දී ඇත.

මෙම තත්ත්වය මත මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අර්බුදයට ගොස් ඇති බව දැනගන්නට ඇත.

ඊට හේතු වී ඇත්තේ ඔහුගේ දියණියද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටීමයි.

ඇයගේ මුල් සැලසුම වී ඇත්තේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමෙන් පසු ඇය මහනුවර දිස්ත‍්‍රිකයෙන් තරග කිරීමයි.

නමුත් දැන් ඇතිවී තිබෙන නවතම තත්ත්වය මත තමන්ට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට අවශ්‍ය බව ඇය තරය සඳහන් කර ඇති බව වාර්තා වන අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ජාතික ලයිස්තුව නොලැබෙන්නේ නම් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇත.

Related posts

යතුරු පැදියක ගැට ගසා, මාවක් ඔයේ ගිල්වා මැරූ ඇටසැකිල්ලක සුලමුල හෙළිවෙයි

colombotoday

තවුහිඩ් ප්‍රධානියා අබ්දුල් රාසික්. වහාම අත්අඩංගුවට ගන්න – ඥානසාර හිමි

colombotoday

කොරියාවේදී ජාඇළ තරුණයකු පිහි පහරින් මරුට

Admin

චීන පොහොර සමාගමට වන්දි ගෙවීමට රජය තීරණය කරයි

colombotoday

ප්‍රේමලාල් අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කල හිටපු පොලිස් ලොක්කෙකුට වසර 5ක සිර දඬුවමක්

Admin

කැබිනට් වෙනසින් රනිල් අමාරුවේ.. එජාපය නැවතත් ඇවිළෙයි !

colombotoday