26.3 C
Colombo
11 March 2025
Colombo Today Local News

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ යන්නේ මෙහෙමයි

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මූලික වැටුප රුපියල් 21,000ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (11) අත්සන් තැබූ අතර ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික ගෙවීමේදී අවම වැටුප බවට එය සැලකිය යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

පෞද්ගලික අංශයේ සේවා යෝජකයන් සිය සේවකයන් සඳහා මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ජාතික අවම මාසික වේතනය වශයෙන් රුපියල් 17,500ක් සමඟ 2005 අංක 36 හා 2016 අංක 4 දරන අය-වැය සහන දීමනා පනත් මඟින් ගෙවිය යුතු රුපියල් 3,500ක අය-වැය දීමනා ඇතුළු රුපියල් 21,000ක අවම වේතනයක් ගෙවිය යුතු බව ද අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ පාරිතෝෂික ගෙවීම් සඳහා අදාළ අවම වැටුප අදාළ කරගත යුතු බව ද අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

2016 අංක 03 දරන ජාතික අවම වේතන පනත හඳුන්වා දීම මඟින් පෞද්ගලික අංශයේ සේවය කරන සියලු සේවකයන් සඳහා 2016.01.01 වැනි දින සිට බලාත්මක වන ආකාරයට ජාතික අවම වේතනයක් නියම කිරීමට කටයුතු කර ඇත. මෙම පනත මඟින් මාසික වැටුප් ගෙවන සේවකයන් සඳහා රුපියල් 10,000ක අවම වේතනයක් ද දෛනික වැටුප් ගෙවන සේවකයන්ට රුපියල් 400ක දෛනික අවම වේතනයක් ගෙවීමට ද මුල් අවස්ථාවේදී නියම කරන ලදි. නැවත 2021 වර්ෂයේදී මෙම පනතට ගෙනෙන ලද සංශෝධනයක් මඟින් අවම මාසික වේතනය රුපියල් 12,500 දක්වා ද දෛනික වේතනය රුපියල් 500 දක්වා ද 2021 අගෝස්තු මාසයේ සිට ඉහළ නැංවීමට කටයුතු කරන ලදි. මෑත කාලීනව රටේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ ජීවන වියදම ඉහළ යෑමට සාපේක්ෂව පෞද්ගලික අංශ‌යේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් 2021 වර්ෂයේ සිට සිදු නොවීම නිසා අවස්ථා කිහිපයකදී ජාතික කම්කරු උපදේශන සභාවේදී සාකච්ඡා කිරීමෙන් පසු ජාතික අවම වේතනය රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා රුපියල් 5,000කින් ද දෛනික අවම වේතනය රුපියල් 500 සිට 700 දක්වා ද රුපියල් 200කින් ද ඉහළ නැංවීමේ අරමුණින් ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

ඒ අනුව, අදාළ පියවර අනුගමනය කිරීමෙන් අනතුරුව මෙම සංශෝධන කෙටුම්පත 2024.09.03 වැනි දින පර්ලිමේන්තුව මඟින් සම්මත කිරීමට කටයුතු කළ අතර, කථානායකවරයා විසින් එකී කෙටුම්පතට අත්සන් කිරීමෙන් පසු මෙම මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

Related posts

කොවිඩ් මෘත දේහ භූමදානයට ඉරණතිව් දූපතේ හැරූ වළවල් දූපත් වැසියෝ වසා දමති

colombotoday

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

ගෝඨාභයජනපති මන්දිරයට නොයයි නිල නිවසත් නොගනියි.. මිරිහානේ තම නිවසේ සිටීමට තීරණය කරයි

colombotoday

කැළෑ ගිනි තැබීම් වලට පුද්ගලයින් 15ක් අත්අඩංගුවේ

Admin

උසස් පෙළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ අද මැදියම් රැයේ සිට තහනම්..

Admin

ආණ්ඩුවේ කොන්ද පණ නැති, නෝන්ජල් ප්‍රතිපත්තිය නිසා රටම අරාජික වෙලා – මරික්කාර්

colombotoday