Uncategorized

බංගලාදේශයේ හින්දු ආගමික පූජා තහනම්

බංග්ලා­දේ­ශයේ සියලු ප්‍රදේ­ශ­වල හින්දු ජාති­ක­යන්ගේ දුර්ගා පූජා, ආග­මික ගීතිකා සහ සියලු හින්දු ආග­මික කට­යුතු ඉස්ලාම් දේව­ස්ථා­න­වල අසාන් (නැම­දු­මට පැමි­ණෙන ලෙස ශබ්ද විකා­ශන යන්ත්‍ර මඟින් සිදු කරන ආග­මා­නු­කූල දැනු­ම්දීමේ පිළි­වෙත) සහ නැම­දු­මට මිනිත්තු 5කට පෙර නතර කළ යුතු බවට එරට අභ්‍ය­න්තර කට­යුතු අමා­ත්‍යාං­ශය නියෝ­ග­යක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රජය විසින් සිදු කරනු ලැබූ එම නියෝ­ග­යෙන් බංග්ලා­දේ­ශයේ තව­දු­ර­ටත් හින්දු ජාති­ක­යන්ට එරෙ­හිව අක­ට­යු­තු­කම් සහ ජාති­වා­දය ව්‍යාප්ත වීමේ අව­දා­න­මක් මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එම නියෝ­ගය උල්ලං­ඝ­නය කරන හින්දු ජාති­ක­යන් අත්අ­ඩං­ගු­වට ගන්නා බවත් බංග්ලා­දේශ අභ්‍ය­න්තර කට­යුතු අමා­ත්‍යාං­ශය වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ. පසු­ගිය මාසයේ එරට අග­මැ­ති­නිය ෂෙයික් හසීනා රටින් පලවා හැර පාල­නය සිය­තට ගත් විශ්ව­වි­ද්‍යාල සිසුන් එක්ව පිහි­ටුවා ගත් අන්ත­ර්වාර රජයේ මේ නියෝ­ගය හේතු­වෙන් බංග්ලා­දේ­ශය ඉදි­රි­යේදී ඇෆ්ග­නි­ස්තා­නයේ තලේ­බාන් පාල­නය මෙන් දැඩි ආග­මික අන්ත­වාදී මුහු­ණු­ව­රක් ගනු ඇතැයි අනා­වැකි පළ වී තිබේ.

Related posts

නායකත්වය ගැන එකගතාවක් නැතිව එජාප රැස්වීම අහවර වේ. රනිල් ගිය පසු සජිත් නායකයා කියා යෝජනා සම්මතකරගනී [Video]

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday

ශ්‍රී ලාංකික කතුන් 9කට මැදපෙරදිගදී මරණ දඩුවම

colombotoday

මැතිවරණ පරාජයෙන් පසු සජිත් ජාතිය අමතයි!

Admin

වසර 5ක් බලයේ සිටිය හැකිද… ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නැවතත් විමසන්න යයි…

colombotoday

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin