Colombo Today Local News

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට අද (23)දින ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ඇමැති මණ්ඩලය ඊයේ (22)දින රාත්‍රියේ තීරණය කළේය.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට කාදිනල්තුමන් ඇතුළු විවිධ පාර්ශ්ව බලපෑම් කළ අතර එම වාර්තාව ජනාධිපතිවරයා විසින් ඊයේ (22)දින ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

මේ අතර ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා පත් කළ ඇමැති කමිටුවද ඊයේ (22)දින පස්වරුවේ රැස් විය. එම අධ්‍යයන කමිටු වාර්තාව මාර්තු 15 වැනි දින ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබුණි. එම කාලයට ප්‍රථම කමිටු වාර්තාව ලබා දීමට මෙහි දී තීන්දු කර ඇත.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමේ සය පුද්ගල කමිටුවේ සාමාජිකයන් තෝරා ගනු ලැබූයේ ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද, විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක සැලකිල්ලට ගනිමින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයන්ට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පරිපාටිය ප්‍රකාර සිදුවන බවත් ඊට මැදිහත්වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකෙරෙන බවත් එම නිවේදනයේ සඳහන්වේ.

මෙම කමිටුවට පැවරී ඇති වගකීම වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට රටේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීමයි. කොමිෂමේ නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තනි ආයතනයකට හැකියාවක් නැහැ.

පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ එක් කිරීම කමිටුවට අයත් කාර්යයක් නොවේ. මේ තත්ත්වය යටතේ මෙම පාර්ලිමේන්තු කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරැදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරමින් සිටින්නේ යැයි ද එම නිවේදනයේ දැක්වේ.

ඒ ඒ රාජ්‍ය ආයතන සහ බලධාරීන් කළයුතු දේ සහ එකිනෙක කාර්යයට දිය යුතු ප්‍රමුඛත්වය ජනාධිපති පරීක්ෂණ කොමිසම හඳුනාගෙන ඇත. නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීමට පවතින පරිපාලන ව්‍යුහය ප්‍රමාණවත් නොවේ නම් පරිපාලන යාන්ත්‍රණයෙහි අවශ්‍ය වෙනස්කම් කළයුතුව තිබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

“සඟරුවනට නීති දාන්න රජයට බලයක්‌ නෑ.. මේ පනත භික්‍ෂු සමාජයට ඉතා අහිතකරයි !”

colombotoday

හෙල්මට් නැතුව ගිය මන්ත්‍රීට දඩ ගැහු පොලිස් නිලධාරීන්ට ගල් ගහලා

colombotoday

ජනපති නියෝගයෙන් පාර්ලිමේන්තුව සති දෙකකට කල් තැබේ?

colombotoday

MCC ගිවිසුම් අත්සන් කළොත් කිසිම රජයකට අහෝසි කරන්න බෑ !

colombotoday

වරාය නගර පනත සම්මත වුනොත් එක රටක නීති දෙකක් ඇති වෙනවා.. අක්කර සිය ගානක් චීනයට සින්නක්කර වීම යහපාලන රජය වැළැක්වූවා

colombotoday

යුරෝපා සංගමයට අයත් රටවල් තුළට ශ‍්‍රී ලාංකිකයන්ට ඇතුළු වීම තහනම් කරයි

colombotoday