Colombo Today Local News

” අයවැයෙන් වැඩ ලක්ෂයක් ” දිවයින පුරා ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක්

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් දිවයින පුරා ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

“අයවැයෙන් වැඩ ලක්ෂයක්“ නමින් හඳුන්වන එම ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍රකර ගනිමින් ලබන මස 3 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

ආර්ථික අභියෝග ජය ගැනීමේ අරමුණින් නිෂ්පාදනය වැඩිකර ආදායම් ඉහළ නැංවීම මෙමගින් අපේක්ෂා කෙරෙයි.

ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති මෙන්ම වෙළෙඳ, නිවාස වැඩසටහන ඇතුළුව විවිධ ක්ෂේත්‍රවලට අයත් සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙම ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහන් කරයි.

Related posts

මහා මැතිවරණයට හකීම් – බදුර්දීන් එකම පක්ෂයකින් තරඟ කිරීමේ සුදානමක්

colombotoday

අපි රිලවු අල්ලලා රන්දෙණිගල දූපතකට ගිහින් දානවා

Admin

හමුදාවට එරෙහිව ඇමරිකාව ගෙනා යෝජනාවක් ශ්‍රී ලංකාව පිළිගනි.. රටට වසන් කළ රහසක් ජිනීවා වාර්තාවකින් හෙළිවේ

colombotoday

කෙහෙළිය අධිකරණය වෙත

Admin

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday