Colombo Today Local News

ඉල්ලුමට සරිලන සැපයුම් නෑ.. එළවලු මිළ ඉහළට.. කිලෝව 150 පනී

Vegetables

පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමග එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවළු වෙළෙඳුන් පවසයි. ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීමත්, පැවති වර්ෂාවත් සමගම දඹුල්ල ප්‍රදේශයේ එළවළු වගාව විනාශ වීමත් මෙයට හේතුව බව වෙළෙඳසැල් හිමියන් පැවසූහ.

මේ දිනවල නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල සහ වැල්ලවාය යන ප්‍රදේශවලින් වෙළෙඳ පොළට අවශ්‍ය එළවළු සීමිත ප්‍රමාණයක් ලැබෙන බවයි වෙළෙඳුන් පවසන්නේ.

සෑම එළවළු වර්ගයකම කිලෝවක් රුපියල් 160 සිට ඉහළට අලෙවි වන අතර, බෝංචි කිලෝවක් රුපියල් 270කට, මාළුමිරිස් කිලෝවක් රුපියල් 280කට සහ කැරට් කිලෝවක් රුපියල් 200කට අලෙවි වේ. මෙම ඉහළ එළවළු මිල ගණන් යටතේ දෙල් ගෙඩියක් රුපියල් 130ක්, මඤ්ඤාක්කා කිලෝවක් රුපියල් 70ක් වශයෙන් සිල්ලර මිලට අලෙවි වේ. තත්කාලි කිලෝවක් රුපියල් 200කට අලෙවි වන අතර, පතෝල, වැටකොළු සහ වම්බටු කිලෝවක් රුපියල් 160කට මේ දිනවල අලෙවි කරනු ලැබේ.

Related posts

මේ වනවිට හුදෙකලා තත්ත්වයේ පවතින පොලිස් බල ප්‍රදේශ

colombotoday

විදේශ මුදල් ලංකාවට එවන්න අලුත් ගනුදෙනු ක්‍රමවේදයක්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ පඩිය වැඩිකර ලක්ෂයක දීමනාවකුත් දෙන්න අගමැතිගෙන් යෝජනා

colombotoday

අල්ලස් ගනිද්දී කාර්යමණ්ඩල ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ මතය මෙන්න

colombotoday

පවුල් ලක්ෂ 31කට 5,000ක දීමනාවක් යළිත්

colombotoday

මහ වැස්සට කොල්ලුපිටියේ ගොඩනැගිල්ලක බිම් මහල යටවී පුද්ගලයෙකු මරුට.

colombotoday