අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ජනපති මෛත්‍රීපිල සිරිසේන මහතාගේ දේශපාලන විවාහය සදාකාලික යැයි නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වුණු එජාප 70 වන සම්මේලනය අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ කුහකයින්ට තමන් ලබා දෙන පණිවිඩය එය බවත්, එම විවාහය දික්කසාද කිරීමට එම කුහකයින්ට ඉඩ නොතබන බවත්ය.
එජාපය රටේ නොම්බර එකේ පක්ෂය කිරීමට තමන් දිවිපරදුවට තබා කළ හැකි සියළු කැපකිරීම් කරන බවද, රනිල වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ජනතාවගේ සියළු ගැටළුවලට ඉදිරියේදී විසඳුම් ලබාදෙන බවද අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේය.