Colombo Today Local News

බීමත් රියැදුරන් අල්ලන විශේෂ උපකරණක් ළඟදීම

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නවා සේම, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියැදුරන් ද අත්අඩංගුවට ගැනීම සඳහා ද ඉදිරියේදී දීපව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.

මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති සාකච්ඡාවකදී ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ කඩිනමින් මිලදී ගැනීම සඳහා තීරණය වී තිබේ.

ඒ අනුව අදාළ උපකරණ කඩිනමින් මිලදී ගත් වහාම රට පුරා දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අදාළ සාකච්ඡාවේදී තීරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් පරීක්ෂා කිරීම සඳහා දැනට මෙරට තුළ සීමිත උපකරණ සංඛ්‍යාවක් පමණක් ඇති බවයි.

වසරකට පොලිස් මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගන්නා බීමත් රියැදුරන් ලක්ෂයකට ආසන්න වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, කිසියම් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය හෝ මත් පැන් භාවිත කර රිය පැදවුවහොත් එකී වරදට රුපියල් 25, 000ක දඩයක්, සිර දඬුවමක්, රිය බලපත්‍රය අවලංගු කිරීමක් හෝ බලපත්‍රය අත්හිටුවීම ආදි දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකියාව පවතින බවයි.

Related posts

කාර්යාල දුම්රිය ගමන්වාර 12ක් අවලංගු වෙයි

Admin

රත්නපුර නායයෑමෙන් අතුරුදන්ව සිටි දැරිය මිය ගිහින්

colombotoday

ජල සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක – කාර්යාල සේවා හා පාරිභෝගික සේවා කිසිවක් නැහැ.

Admin

උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

Admin

තවත් ගෑස් පිපිරීමේ සිද්ධි 3ක්. දැනට අනතුරු 5යි

colombotoday

ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන ගැන හොයන්න බුද්ධි අංශයේ මුස්ලිම් නිලධාරීන් යොදවලා තානාපති අංශ නොසතුටෙන්

colombotoday