රුපියල් කෝටියක පමණ මුදලක් සමග පසුගිය 04 වැනිදා කන්තලේදී අතුරුදහන් වූ බව කියන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයා යාපනය ප්‍රදේශයේ සැගවී සිටිතැයි පොලීසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වෙයි.
කන්තලේ බැංකුවක පැවති රන් වෙන්දේසියකට සහභාගි වීමට ගිය මෙම ව්‍යාපාරිකයා එහිදී ඖෂධ අලෙවි සැලකට ගිය පසු අතුරුදහන් වී ඇති බවට පොලිසියට කරන ලද පැමණිල්ලක් අනුව පරීක්ෂණ සිදු කෙරින.
ඊයේ වන විට එම අතුරුදන් ව්‍යාපාරිකයාගේ බිරිද හා පියා බොහෝ සැහැල්ලූ හැසිරීමක් පෙන්වමින් සිටියේ අතුරැුදහන් අය ඉක්මනින්ම ගෙදර එන බව අංජනමකින් කියවුනු බව පවසමිනි.
කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයා විසින් ගෙන ඇති කෝටියකට වැඩි ණයවලින් බේරීම සදහා මේ ආකාරයේ රගපෑමක් සිදු කර ඇති බවයි.
අතුරැුදහන් අය සමග අවසන් වරට සිටි දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙැනීමත් සමග ඔහු යාපනයට පැන ගොස් ඇති බවද හෙලිව ඇත.
තමන් යාපනයේ සිටිනා බවට ඔහු විසින් නිවසාට දන්වා ඇතැයිද පොලීසිය සොයාගෙන ඇත. අදාල පුද්ගලය අත්අඩංගුවට ගැනීම සදාහ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.