පාස්කු ප්‍රහාරයට සම්බන්ධ එක්සත් අරාබි එමිර් (UAE) රාජ්‍යයෙන් පිටුවහල් කළ මාවනැල්ලේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසින් ඊයේ (21)දින අත්අඩංගුවට ගෙන තිබේ.
අන්තවාදී මතවාද පැතිරවීමේ චෝදනා මත එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් මිලියන 2.7 මුදල් ද සමග වැලිගම ප්‍රදේශයේදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.