මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සැකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (21)දින වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වන අවස්තාවේදී සැකකරු සන්තකයේ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 180 ක් සහ රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද තිබී ඇත.
සැකකරු බෙදා හැරීම සදහා මෙම මත්ද්‍රව්‍ය සගවාගෙන සිට ඇති අතර සැකකරු සහ මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබේ.
පොලිස් පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම කර ඇත.