Colombo Today Local Newsfeatured

අද පාර්ලිමේන්තුවේ විවාද කරන මාලබේ ස්ලිට් වංචාව Colombo Today හෙලිකලේ 2018 වසරේදී. – අවාසනාවට එකල අවධානයට ලක් වුනේ නෑ

මාලබේ ස්ලිට් ආයතනය වංචා සහගත ලෙස රජයෙන් පුද්ගලික පාර්ශවයක් අතට ගැනීම සඳහා උත්සහයක් පවතින බවට Colombo Today වෙබ් අඩවිය 2018 වසරේ ජනවාරි 23 වනදා හෙළි කරන ලදි. කෙසේවෙතත් කිසිදු පාර්ශවයක අවධානයට එකල යොමු නොවුනි.

අදාළ පුවත…

බැදුම්කරය නොදෙවෙනි වංචාවක් සිදුකළ සමාගමකට SAITM දෙන්න යයි


බැදුම්කරය නොදෙවෙනි වංචාවක් සිදුකළ සමාගමකට SAITM දෙන්න යයි

බැඳුම්කර ගනුදෙනුව මගින් රජයට පාඩු වූ රුපියල් බිලියන 12ක මුදලට වඩා වටිනාකමකින් යුත් මාලබේ (SLIIT) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රුපියල් ලක්ෂ 400ක සොච්චම් මුදලකට වංචා සහගත ලෙස ලබාගත් පුද්ගලයින් වෙතට සයිටම් ආයතන පවරා දීමට කටයුතු කරන බව වාර්තා වෙනවා.

(SLIIT) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යනු රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට වරම් නොලැබුණු දහස් ගණනක් වෘත්තීය විශිෂ්ඨයන් ලෙස රටට බිහිකළ ආයතනයකි. මහපොළ අරමුදල මගින් ලලිත් ඇතුලත්මුදලි මහතා විශ්වවිද්‍යාලයක් වෙනුවෙන් වෙන්කර තිබූ ඉඩමක ඇරඹි SLIIT ආයතනය මුලින් මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් ‍වශයෙන් පැවතුන අතර සිසු විරෝධතා සහ දැඩි ඉල්ලීම් මත පසුව රාජ්‍ය අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක කෙරිණි.

මෙම ආයතනය ආරම්භ කිරීම සඳහා යොදා ගනු ලැබුවේ මහපොළ අරමුදල සතුව පැවති රුපියල් මිලියන 400ක මුදලකි. කෙසේ වෙතත් සෘජු රාජ්‍ය මැදිහත්වීම මත ඉතා කෙටි කලකින් රට තුල විශ්වාසවන්ත නාමයක් සාදා ගැනීමට SLIIT ආයතනයට හැකියාව ලැබිණි. ඒ එවක සිටි දක්ෂ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම හේතුවෙනි.

කෙසේ වෙතත් 2015 යහපාලන රජය බලයට පත්වීමත් සමගම අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන වන කේසරලාල් ගුණසේකර මහතා, මෙරට පාසල් විෂය මාලාව සදහා තොරතුරු තාක්ෂණ විෂය හදුන්වාදීමේ පුරෝගාමියා වන ආචාර්ය දිලන්ත විතානගේ මහතා සහ රංජිත් තේනුවර මහතා යන තිදෙනා 2015 ජූනි මාසයේදී එහි අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරණි.

2015 වනවිට SLIIT ආයතනයේ වටිනාකම රුපියල් බිලියන 12කට වඩා වැඩි වී තිබුණු අතර එය රුපියල් මිලියන 400ක තරම් සොච්චම් මුදලකට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස්ලි ටි වික්‍රමරත්න මහතාගේ බෑනා වන මහාචාර්ය ලලිත් ගමගේ මහතා සහ තවත් කිහිපදෙනකුට සම්බන්ධ සමාගමක් වෙත 2015 වසරේදී පවරා දී ඇත.

වංචා සහගත ලෙස SLIIT ආයතනය මිලදීගත් එම සමාගම වෙත සයිටම් ආයතනය පවරා දීමට අත යට සිදුවෙන ගනුදෙනුව කුමක්ද? ඒ වෙනුවෙන් මැදිහත්වී සිටින දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් කවුරුන්ද? යන්න ඉදිරියේදී අප හෙළි කරන්නෙමු.

Related posts

අද ඩොලරයේ විකුණුම් මිල රු.349යි

Admin

කොරෝනා හැදුනු රටවල් බැලුවම අපි අදටත් සාර්ථකයි. අපේ ආණ්ඩුව ඇනගෙන නැහැ

colombotoday

“ගිලෙන නැවකට ගොඩ වෙන්න මට පිස්සු නෑ…”

colombotoday

අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාහිමියන්ට පදවි සන්නස්පත්‍රය පිරිනැමේ (Photo)

colombotoday

ශ්‍රී ලංකන් එයාර් දීර්ඝතම ගමනාන්ත අත්හිටුවයි.. පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට් ගමන් මින් පසු නෑ

colombotoday

“අල්ලස් චෝදනාව නිසා ජනපති මෛත්‍රීට සැගවෙන්න තැනක් ඉතිරි වී නැහැ” – නිර්මාල් රංජිත්

colombotoday