Colombo Today Local News

ස්විස්ටර්ලන්තයේදී රනිල් – එරික් සෝල්හයිම් හමුවී සාකච්චා කළේ මොනවාද?

ranil-solhime23

ජාත්‍යන්තර ආර්ථික සමුළුවට සහභාගී වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විස්ටර්ලන්තයට පැමිණි අවස්ථාවේදී ඔහු සමග සාකච්ඡා කළ බව ශ්‍රී ලංකාව සදහා වන නෝර්වේ හිටපු සාම නියෝජිතය වශයෙන් කටයුතු කළ එරික් සෝල්හයිම් පවසා ඇත.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සෘජුවම හමුවී සාකච්ඡා කළේ කුමක් පිළිබදැයි යන්න විද්‍යුත් පණිවිඩයක් මගින් විමසීමක් කළ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලන විසදුමක් පිළිබදව දෙදෙනා කතා බහ කළ බවයි,

එම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යයට වැඩිදුර තොරතුරු ලබා නොදෙන බවට තීරණය කර ඇති බවත් එරික් සෝල්හයිම් පැවසූ බව දෙමළ මාධ්‍ය වෙබ් අඩවි වාර්තා කරයි.

ලෝක ආර්ථික තත්වය තුලදී ආර්ථික, සමාජීය සහ පරිපාලන යනාදී අභියෝග සම්බන්ධයෙන් රජයන් කටයතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් ලබදෙන ‘OECD’ යන සංවිධානයේ සංවර්ධන සහන කමිටුවේ සභාපතිවරයා ලෙස එරික් සෝල්හයිම් මේ වනවිට කටයුතු කරමින් සිටියි.

2002-2005 ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර ඇතිකරගත් සාම ක්‍රියාවලියේ විශේෂ නියෝජිතයා ලෙස කටයුතුකළ එරික් සෝල්හයිම්ගේ කොටි හිතවාදී ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් තිබෙන අතර කොටි ත්‍රස්තයන් විසින් හිටපු විදේශ අමාත්‍ය ලක්ෂමන් කදිරගාමර් මහතා ඝාතනය කිරීම සාධාරණීකරනය කරමින් ඔහු පසුගිය දිනවල අදහස් ප්‍රකාශ කර තිබුණා.

සාම ක්‍රියාවලිය බිද වැටීමෙන් පසු ශ්‍රී ලංකා රජය සහ නෝර්වේ රජය අතර බිද වැටුණු සබදතා අළුත් කරමින් නෝර්වේ විදේශ අමාත්‍යවරයාද පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සදහා වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීමට කටයුතු කරන ලෙසයි. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සැකසීම සදහා නෝර්වේ විශේෂ උපදේශකයෙකු සහභාගී වන බව පසුගියදා මාධ්‍ය වාර්තා පලවී තිබුණද රජය එය ප්‍රතික්ශේප කර තිබුණා.

කෙසේ වෙතත් නෝර්වේ රජය නැවත වරක් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සදහා අනවශ්‍ය අන්දමින් බලපෑම් කිරීමට කටයුතු කරමින් සිටින බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

Related posts

සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කැපූ බිරිය මානසික වෛද්‍යවරයකුට පෙන්නන්න නියෝග

Admin

ප්‍රදේශ කිහිපයකට වැසි.

colombotoday

ගොවින් සාධාරණ සහතික වී මිලක් ඉල්ලයි…

colombotoday

විදුලිබල පනත වැඩි ඡන්ද 84කින් සම්මතයි

colombotoday

පාස්කු ප්‍රහාරයට ජනපති හැර, සියල්ලන්ම වැරදිකරුවන් වන ලකුණු !

colombotoday

විදේශ ඇමති මංගල, ජාත්‍යන්තරය හමුවේ ජනපති මෛත්‍රීගේ පිට කොන්ද කඩා දමයි !

colombotoday