Colombo Today Local News

විදේශ ඇමති මංගල, ජාත්‍යන්තරය හමුවේ ජනපති මෛත්‍රීගේ පිට කොන්ද කඩා දමයි !

යුද අපරාධ චෝදනා විමර්ශනය සදහා විදේශිය විනිසුරුවන් ගෙන්වීම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබියදී, විදේශීය විනිසුරුවන් ගෙන්වා ගැනීමේ අවකාශය ඇතැයි ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වෙමින් විදේශ ඇමති මංගල සමරවීර ප්‍රකාශ කළේය.

මානව හිමිකම් ක්‍රියාධරයින්, විදේශීය මාධ්‍යවේදීන් හා ඊළාම්වාදී දෙමළ ඩයස්පොරාවේ නියෝජිත සභාවක් සමග ජිනීවා හි දී පැවති සාකච්ඡාවකදී විදේශ ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර, විදේශීය විනිසුරුවන් සහභාගී කරවා ගැනීම කිසි සේත්ම බැහැර කළේ නැත. සභාවේ කටයුතු නිමවා පිටව යන අමාත්‍ය සමරවීර ගෝලීය දෙමළ සංසදයේ (GTF) නායක එස් ජේ එමානුවෙල් පූජකවරයා සමග සතුටු සාමිච්චියක යෙදීමටද අමතක නොකළේය.

පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ, යුද අපරාධ චෝදනා විභාගයට විදේශීය විනිසුරුවරුන් සහභාගී කළ යුතුයැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් ගෙන ආ යෝජනාව පැය 24ක් යන්නට මත්තෙන් තමන් විසින් ප්‍රතික්ෂේප කරමින් තම පිට කොන්ද ජාත්‍යන්තරයට පෙන්වූ බවයි.

මේ අතර මෙවර ජිනීවා මානව හිමිකම් සමළුවට සමගාමීව, එක්සත් ජාතීන්ගේ සංවිධානය යුද අපරාධ චෝදනා විමර්ශනය සදහා විදෙස් විනිසුරුවන්ගේ සහභාගීත්වය සහිත දෙමුහුන් අධිකරණ ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතු යැයි නැවත වරක් ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත.

Related posts

ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමේ තීරණයක්

colombotoday

බුවනෙකබාහු රාජසභා ගොඩනැගිල්ල- කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 04කට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

colombotoday

ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපනයට-රැකියාවට ගිය ලාංකිකයින් 27ක් එරටදී අත්අඩංගුවට

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ ශිෂ්ටත්වය අමතක වුණු සිංගප්පුරු ගිවිසුම

colombotoday

නිරෝධායන ඇදිරිනීතිය කඩ කළ තවත් 150ක් අත්අඩංගුවේ

colombotoday

සිරිලිය සවියේ ඩිෆොන්ඩරය තාජුඩීන් ඝාතන නඩුවේ නඩු භාණ්ඩයක් කරයි…

colombotoday