Colombo Today Local News

“හමුදාව පැත්තකට වී සිටිය යුතුයි.. සිවිල් ජනතාව සමග එක්ව කටයුතු කරොත් ගැටළු ඇතිවෙයි” – විග්නේෂ්වරන්

vigneshvaran

හමුදාව සිවිල් ජනතාව සමග එක්ව කටයුතු කිරීමට පටන් ගතහොත් ගැටළු ඇතිවන බවත්, එම නිසා හමුදාව පැත්තකට වී සිටියු යුතු බවත් උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත.

හමුදාව විසින් උතුරේ ජනතාවට කරන යහපත් කටයුතු දෙස තමන් බලන්නේ දෙමළ ජනතාවට කරන ලද හානි වලට වන්දියක් වශයෙන් බවත්, එසේ නොමැතිව දෙමළ වැසියන් වෙනුවෙන් හමුදාව කරන සත්කාරක වැඩසටහන් පිළිබදව ස්තූති කීරීම අනවශ්‍ය බවත් මහ ඇමතිවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ යාපනේ සංචාරයක නිරතවූ විදේශ අමාත්‍ය මංගල සමරවීර හමුදාව විසින් කරන ලදැයි කියන වැරදි සම්බන්ධයෙන් පමණක් විවේචනය නොකර, ඔවුන් උතුරේ ජනතාවට කරන සේවය පිළිබදවද ස්තූති පූර්වක විය යුතු යැයි කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“හමුදාව ජනතාවට සේවය කළ යුතු අවශ්‍යතාවයක් නැත. හමුදාව ජනතාව සමග එක්ව සේවය කිරීමට පටන් ගත්තොත් එහි විනය පිරිහෙනු ඇත. හමුදාව පැත්තකට වී සිටිය යුතුය. ඒ හැර ජනතාව සමග එක්ව කටයුතු කිරිමට පටන් ගත්තොත් ගැටළු ඇති වෙනු ඇත. හමුදාව කුමක් හෝ උපකාරයක් කරන්නේ නම් එය වෙනත් කරුණකි. එහි ගැටළුවක් නැත. නමුත් හමුදාව ජනතාවට සේවය කිරීම සංහිඳියාව වශයෙන් බැලිය නොහැකිය. හමුදාව ජනතාවට මුදල් හෝ උපකාර කලහොත් එය අප ලබාගන්නෙමු. එය ඔවුන් දෙමළ ජනතාවට කාලාන්තරයක් පුරා සිදුකර ඇති හානි වලට වන්දියක් පමණක් වනු ඇත. අප ඒ පිළිබඳව කතා කළ යුතු බවත්, එයට ස්තූතිපූර්වක විය යුතු බවටත් බලාපොරොත්තු විය නොහැකිය යැයිද” සී.වී.විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Related posts

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන දූෂණය ගැටලුවක්

colombotoday

“IMF ණය තාවකාලික සහනයක් පමණයි”: ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්ටීව් හෑන්ක් කියයි

Admin

NGO මුදලින් යැපෙන රජයේ නිලධාරීන් ‘අලි ප්‍රශ්නයක් මවා’ දළදා පෙරහැර නැවැත්වීමේ කුමන්ත්‍රණයක !

colombotoday

පොහොට්ටුවෙන් ආවොත් ගෝඨාභයට සහයෝගය දෙන්නේ නෑ – ශ්‍රිනිප ස්ථාවරය ජනපති කියයි

colombotoday

මුස්ලිම් ජනතාව අයිති “ගැහුවොත් ගහන පරම්පරාවටයි” – නින්දවුර්වලින් මතුවෙන අලි අහමඩ් රශාඩි අන්තවාදියා

colombotoday

හින්දු කටයුතු ඇමති ලෙස මුස්ලිම් ජාතිකයෙක් පත්කිරීම් හින්දු ජාතියට කළ නිගාවක්

colombotoday