Colombo Today Local News

“IMF ණය තාවකාලික සහනයක් පමණයි”: ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්ටීව් හෑන්ක් කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම යනු ලංකාවට තාවකාලික සහනයක් මිස ස්ථිර සහනයක් නොවන බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්ටීව් හෑන්ක් පෙරේදා (12)දින සී.එන්.බී.සී. පුවත් සේවයට පවසා තිබේ.

ලංකාව 1965 වර්ෂයේ සිට අවස්ථා 16කදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගෙන තිබුණ ද ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී අසාර්ථක වූ බව ත් රටක් ලෙස ඒවා ක්‍රියාත්මක කරගැනීමට ඔවුන් අපොහොසත් වූ බව ත් හෙතෙම පවසයි.

තිරසරභාවය ළඟා කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට ආයතනික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ද විදෙස් පුවත් සේවාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ය.

ආර්ථිකය සම්බන්ධයෙන් අදාළ වෙනස්කම් සිදු නොකළහොත් රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය කිසිදු වෙනසක් නොවී ඉදිරියටත් පවතිනු ඇති බව ද ඔහු පැවසීය.

රට තුළ පවතින ආයතන පාලනය කිරීමේ නීති සංශෝධනය කිරීමට රජය අනිවාර්යයෙන් ම, කටයුතු කළ යුතු බවත් එහි වෙනස්කම් සිදු නොකිරීම හේතුවෙන් ආර්ථික තත්ත්වය ශීඝ්‍රයෙන් අර්බුදයකට ලක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

“ලංකාවෙි බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ. ගොවියාට සල්ලි දුන්නා කියා ප්‍රශ්නය විසඳන්න බෑ”

colombotoday

ශ්‍රීලනිපයෙන් මාව එළෙව්වොත්, ආපහු ගිහින් වැටෙන්නෙ ජනතාව ළගටමයි

colombotoday

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට නොමිලයේ යුරියා

Admin

කොවිඩ් රෙගුලාසි ඇතුලත් නව ගැසට් නිවේදනයට ඇමතිනී පවිත්‍රා අත්සන් තබයි

colombotoday

මිලියන 130ක කේරළ ගංජා සමග 10ක් අත්අඩංගුවට… ඉන්දීය ජාතිකයින් 05කුත් ඒ අතර

colombotoday

පොලීසියට තග දැමු පිය-පුතු අත්අඩංගුවට

Admin