Colombo Today Local News

නාය යෑමේ දැඩි අවදානම් තත්වයක්.. රත්නපුර කෑගල්ල ප්‍රදේශ 27කට අනතුරු ඇගවීම්

ct 4585

ජාතික ගොඩනැගිල පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල ප්‍රදේශ 27ක් දැඩි නාය යෑම් අවදානම් සහිත කළාප ලෙස නම්කර තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය, අරණායක, කෑගල්ල, වරකාපොල හා රඹුක්කන, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් කඳු ආශ්‍රිත ප්‍රදේශ, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැළියගොඩ, කිරිඇල්ල, රත්නපුර, බලංගොඩ, කුරුවිට, කලවාන, නිවිතිගල, පැල්මඩුල්ල, ඇලපාත, ඕපනායක, කහවත්ත, ඉඹුල්පේ කඳු ආශ්‍රිත ප්‍රදේශ මෙලෙස දැඩි නාය යෑමේ අවදානම් ප්‍රදේශ ලෙස නම්කර තිබෙනවා.

කඳු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව පොළවේ අස්වාභාවික ලෙස ඉරිතැලීමක් ජල පහරවල් මතුවීමක් වැනි වෙනස්කම් සිදුවුවහොත් ඒ පිළිබඳවද දැඩි අවධානය යොමු කරන, තම සංවිධානය අදාළ ප්‍රදේශ පිළිබඳ අවදානම් නිවේදන නිකුත් කර නොතිබුණද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එම ආයතනයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසීය.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සිදුකරන නායයෑම් අවදානම පිළිබඳ අනතුරු ඇඟවීම විහිළුවට නොගන්නා ලෙසත්, සෑමවිටම නිකුත් කරන අවදානම් තත්ත්වය පිළිබඳ ජනතාව දැඩි සැලකිල්ලක් දක්වන ලෙසත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

ජල ගාස්තු ඉහළට

colombotoday

බූස්සේ සිරකරුවෙක් පලායයි

colombotoday

මාස එකහමාරේ බිලිඳිය රෝහලේ දමා මව පැන ගිහින් | මඩකලපුව පොලිසියෙන් පරීක්ෂණ

colombotoday

සාලාව අවි ගබඩාව පිපිරෙව්වා.. ඉතිරි බර අවි මූදට දැම්මා – විමල් ආන්දෝලනාත්මක හෙළිදරව්වක

colombotoday

රනිල්ගේ මංගල අයවැයට කැබිනට් අනුමැතිය

Admin

දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබේ

colombotoday