මෙම මස 24, 25 සහ 28 යන දිනවලදී කොළඹ කොටස් හුවමාරුවෙහි සාමාන්‍ය ගනුදෙනු සුපුරුදු වෙළෙඳ කාලය තුළ දී එනම් පෙ.ව 11.00 සිට ප.ව. 2.30 දක්වා සාමාන්‍ය පරිදි සිදුවන බව කොළඹ කොටස් වෙළඳපොළ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නමුත් එළඹෙන වෙසක් පොහෝදිනය නිමිත්තෙන් 26 හා 27 යන දෙදින තුළ පමණක් එය වසා තැබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.