Colombo Today Local Newsfeatured

බුර්කා සඳහා වන මෝඩ තහනම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ යුතුයි. | කොටින්ට ඔක්සිජන් දුන් “හියුමන් රයිට් වොච්” අන්තවාදීන්ට පක්ෂව ජනපතිට පහර දෙයි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් ගෙන දෙන “ගෝනි බිලි ඇඳුම්” මෙරට බාවිතා කිරීම තහනම් කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීම පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානයක් වන “හියුමන් රයිට් වොච්” (Human Rights Watch) ජනාධිපතිවරයාටත් රජයටත් පහර ගසමින් නිවේදනයක් නිකුත් කර ඇත.

“හියුමන් රයිට් වොච්” සංවිධානය 30 වසරක කුරිරු ත්‍රස්තවාදී යුද්ධය පැවති සමයේදී කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් පක්ෂක්ග්‍රාහී ව පෙනී සිටි කණ්ඩායමකි. එකල ඔවුන් “මානව හිමිකම්” යන සුන්දර වචනය ඉදිරියට දමමින් කොටි නායකයන් බේරා ගැනීම සඳහා දැඩි බලපෑමක් එල්ල කල නමුත් ඒ කිසිවක් මායිමට ලක් නොකරමින් LTTE ත්‍රස්තවාදය මෙරටින් තුරන් කර දැමීමේ සෘජු තින්දුව රාජපක්ෂ රජය ගනු ලැබීය.

2019 පාස්කු ඉරිදා ඉස්ලාම් ත්‍රස්තවාදීන් එල්ලකළ බෝම්බ ප‍්‍රහාරයෙන් මුහුණු ආවරණතහනම තාවකාලිකව පැනවීමෙන් පසුව මුස්ලිම් කාන්තාවන් අපහසුතාවයට පත්වුණු සිද්ධීන් ගණනාවක් වාර්තා වූ බවත් පාසල්, රෝහල් සහ විශ්ව විද්‍යාල වැනි පොදු ගොඩනැගිලිවලට ප්‍රවේශ වීම වලක්වූ බවත් “හියුමන් රයිට් වොච්” සංවිධානය පළකර ඇති ලිපියේ සඳහන් කර ඇත.

උපුටා ගැනීම>>>

“මෙම නවතම තහනම යෝජනා කරනු ලැබුවේ මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර විසිනි. ඔහු මුහුණු වැස්ම “ආගමික අන්තවාදයේ ලකුණක්” ලෙස හැඳින්වූ අතර මෙම තහනම “ජාතික ආරක්ෂාව” හේතු කොට ගෙන යුක්ති සහගත යැයි කියා සිටියේය. කෙසේ වෙතත්, ඔහු පවසා ඇත්තේ “කොවිඩ් -19 වෛරසය වැළැක්වීම සඳහා මුහුණු ආවරණ පැළඳීම තහනම් නොකරන” බවයි.”

“මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආගමික නිදහසට එරෙහි නවතම ප්‍රහාරයයි. මහජන සෞඛ්‍යයට අවශ්‍ය යැයි ව්‍යාජ ලෙස පවසමින් කොවිඩ් -19 සමඟ මියගිය අය භූමදානය කිරීම රජය විසින් වසරකට ආසන්න කාලයක් තහනම් කළේය. මෙම තහනම නිසා මුස්ලිම්වරුන්ට අවමංගල්‍ය කටයුතු සිදු නොකිරීම නිසා පවුල්වලට දැඩි පීඩාවක් ඇති විය.”

“ආගමික, වාර්ගික හෝ වාර්ගික අසමගිය” ඇති කිරීමේ නොපැහැදිලි අර්ථකථන මත “පුනරුත්ථාපනය” සඳහා ඕනෑම අයෙකු වසර දෙකක් දක්වා සිරගත කිරීමේ බලය කුරිරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (පීටීඒ) අදාළ නව රෙගුලාසි මගින් මාර්තු 9 වන දින ලබා දී ඇත.”

“විශේෂයෙන් මුස්ලිම්වරුන් සහ දෙමළ ජනතාව ඉලක්ක කර ගැනීම සඳහා රාජපක්ෂ පරිපාලනය නැවත නැවතත් පීටීඒ භාවිතා කර ඇති අතර, මෙම කණ්ඩායම්වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කම් කිරීම උසිගන්වන අයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනී.”

“”හියුමන් රයිට්ස් වොච් ඉස්ලාමීය මුහුණු ආවරණ තහනම් කිරීමට දීර්ඝ කාලයක් තිස්සේ විරුද්ධ වී ඇත්තේ මුහුණු ආවරණ මගින් ආගමික නිදහසට තර්ජනයක් ඇති බැවිනි. ජාත්‍යන්තර නීතිය යටතේ ආගමික නිදහස සහ පෞද්ගලිකත්ව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට ආගමික වස්ත්‍ර පැළඳීමට බල කරන ප්‍රතිපත්තිවලට අපි විරුද්ධ වෙමු.”

උපුටා ගැනීම අවසන් <<<<

“හියුමන් රයිට් වොච්” සංවිධානයේ දෙබිඩි පිළිවෙත මෙම ලිපිය කියවන විට ඕනෑම සබුද්ධික පුද්ගලයෙකුට වැටහෙනු ඇත.

ඔවුන් ලිපිය අවසන් කර ඇත්තේ මෙසේ රජයට තර්ජනයක් ද කරමින්ය
“මුහුණු ආවරණ සඳහා වන මෙම මෝඩ තහනම පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළ යුතු අතර, ශ්‍රී ලංකාවේ ආන්තික සුළුතරයන් පීඩාවට පත් කිරීම සඳහා නිදහසට කරුණු සෙවීම රජය විසින් නතර කළ යුතුය.”

ලොව දියුණු යැයි සම්මත බොහෝ රටවල් බුර්කාව තහනම් කර සිටියදී බුර්කා තහනම ක්‍රියාත්මක කරන ලොව පළමු රට ශ්‍රී ලංකාව යැයි සිතාගෙන කටයුතු කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානය පිරිමසන්න හදන්නේ ශ්‍රී ලංකාවේ මහ ජාතිය වන සිංහලයා ගෙන් පලි ගැනීමේ ජන්මාන්තර වෛරය පිරිමසා ගැනීමක් දැයි අප ප්‍රශ්න කර සිටිමු..

පරිවර්තන දෝෂ හේතුවෙන් සිදුවන අගතිදායක තත්වයන් වැලැක්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් රචිත සම්පුර්න ලිපිය පළකර සිටිමු.

Sri Lanka Face Covering Ban Latest Blow for Muslim Women
Discriminatory Measure Targets Marginalized Population

Author
Meenakshi Ganguly
South Asia Director

Muslims in Sri Lanka already faced a growing list of discriminatory government policies before the cabinet approved plans on April 27 to ban women’s face coverings. If approved by parliament, the measure will outlaw garments worn by some Muslim women such as the niqab or burqa, increasing their social marginalization.

After a similar ban was temporarily imposed following the Easter Sunday bombings in 2019, the Human Rights Commission of Sri Lanka documented numerous cases of Muslim women, including those legally wearing a hijab – a head covering that does not cover the face – being abused in public and denied access to public buildings such as schools, hospitals, and universities.

This latest ban was proposed by the public security minister, Adm. (rtd.) Sarath Weerasekara, who called face veils “a sign of religious extremism” and who claims the ban is justified on “national security” grounds. However, he has said “there will be no prohibition to wear face masks to prevent the Covid-19 virus.”

This is only the government of President Gotabaya Rajapaksa’s latest assault on religious freedom. For almost a year, until February, the government banned the burial of people who had died with Covid-19, falsely claiming this was necessary for public health. In effect, the ban prevented Muslims from performing funeral rites, causing intense distress to families.

On March 9, new regulations relating to the draconian Prevention of Terrorism Act (PTA) gave officials the power to confine anyone for up to two years for “rehabilitation” on vaguely defined grounds of causing “religious, racial, or communal disharmony.”

The Rajapaksa administration has repeatedly used the PTA to target minorities, especially Muslims and Tamils, while taking no action against those inciting violence and discrimination against these groups.

Human Rights Watch has long opposed bans on Islamic face coverings because there is no evidence that the face coverings pose any kind of threat that would justify this restriction on freedom of religion. We also oppose policies forcing women and girls to wear religious garments as a violation of religious freedom and privacy rights under international law.

Parliament should reject this senseless and divisive ban on face coverings, and the government should stop looking for excuses to abuse Sri Lanka’s marginalized minorities.

Region / Country
Asia
Sri Lanka
Topic
Women’s Rights

Related posts

අඹ ගෙඩි තුනක් කැඩූ “වරදට” අනුරාධපුර පොලිසිය කළ දෙයක් ගැන මවක් කියන කතාව !

colombotoday

පාස්කු ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව පිළිබඳ විවාදයේ දෙවැනි දිනය අද…

Admin

රිෂාඩ්ගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදීන්ව වීඩියෝ කරලා

colombotoday

ව්‍යාපෘති සඳහා එවන නිලධාරීන් ගැන ආරක්ෂක අංශ සොයා බැලීම් නවත්තන්නැයි රජයට අනතුරු ඇඟවීමක්

colombotoday

ඉන්දියානු ණය ආධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණයයි

colombotoday

හමුදාවට ඉඩම් නොදෙනු ! කියා TNA මන්ත්‍රීන් යාපනය දිසාපතිව කාර්යාලයේ හිර කරයි

colombotoday