Colombo Today Local News

මෙරට දරුවන් දහසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී හමාරයි

මෙරට දරුවන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් වෛරසයට ගොදුරුව ඇතැයි වාර්තාවේ.

රිජ්වේ අර්යා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා ඇත්තේ කොවිඩ් ආසාදිත වූ දරුවන් පස් දෙනකු මිය ගොස් ඇති බවයි.

තුන්වෙනි කොවිඩ් රැල්ල සමග ළමයින් අතර රෝගය සීඝ්‍රයෙන් පැතිර යා හැකි බවත් ඒ සම්බන්ධයෙන් අප දැඩි අවධානය යොමු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

වයස අවුරුදු 12 න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම ඉතා වැදගත් බව පැවසූ දීපාල් පෙරේරා මහතා විනය පවත්වාගෙන යෑමෙන් මේ රෝගයෙන් මිදිය හැකි බවද සදහන් කළේය.

Related posts

දේශබන්ධුගේ මාරුව ක්‍රියාත්මක නොකළාට ලේකම්ට නොතීසි!

colombotoday

ඉවසුවා ඇති ! ඡන්ද කල් දැමීමට එරෙහිව මැ.කො. තීන්දුවක් ගනී..

colombotoday

එජාපයට කොළඹින් එක මන්ත්‍රීධුරයක් නැහැ

colombotoday

මංගලගේ අභිරහස් ඉන්ධන මිල සූත්‍රය ජනපති නියමයෙන් ඉවතට ?

colombotoday

රිෂාඩ් ගේ නිවසේ මියගිය දැරිය ගැන ප්‍රකාශ 30 ක්

colombotoday

කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට !

colombotoday