Colombo Today Local News

ඉවසුවා ඇති ! ඡන්ද කල් දැමීමට එරෙහිව මැ.කො. තීන්දුවක් ගනී..

පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයට අප්‍රසාදය පළ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට මුලින්ම සිය විරෝධය ලිඛිතව පළ කිරීමට තීරණය කර ඇති කොමිෂන් සභාව එයද සාර්ථක නොවන්නේ නම් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටද සිය අප්‍රසාදය පළ කර යැවීමට තීරණය කර තිබේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මූලාසනයෙන් ඉකුත් සතියේ රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇත. පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යාම නිසා මැතිවරණ කොමිෂන් සභාව මෙම අප්‍රසාදය පළ කිරීමට තීරණය කර තිබේ.

Related posts

මහනුවරදී ජනපති, හිටපු ජනපති මහනුවරදී හමුවෙයි…

colombotoday

ගොවීන්ට පොහොර ගන්න වවුචර් පතක්

colombotoday

සමෘද්ධි බැංකු සියල්ලම වෙනත් බැංකුවට ආදේශ කරනවා – ඇමති දයා ගමගේ

colombotoday

චමුදිතට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පුෂ්පිකා පොලිසියට කැඳවයි

colombotoday

පාරිභෝගිකයන් අමාරුවේ දැම්මාට “ඩයලොග්ට” ලෙඩක් වැටෙයි.. වන්දි නොගෙවුවොත් නඩු !!

colombotoday

බිත්තරයකට දෙන රජයේ මිල දැනුම් දෙයි

Admin