ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් – හමාඩ් අල් – සබා මහතා අමෙරිකාවේ නිව්යෝර්ක් මෑන්හැට්න්හිදී හමු වී තිබේ.
දෙරට අතර 50 වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව ඔවුන් එහිදි සඳහන් කළේ ය.
ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත කර දෙන ලෙස කුවේට් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.