Colombo Today Local News

ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරුන් 40ක්.. ඒකාබද්ධයට කැපිල්ලක්… බෙලිඅත්ත සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට

SLUPF chaaශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් 40 දෙනෙකු පත් කිරීමට පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

මෙම නව ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබා දීම ජනාධිපති නිල නිවසේදී සිදුවිය. නව ආසන සංවිධායකවරු 16 ක් හා දිස්ත‍්‍රික් සංවිධායකවරු 24 ක් ඒ අතර සිටින අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, රෝහිත අබේගුණවර්ධන, පවිත‍්‍රා වන්නිආරච්චි, සී බී රත්නායක, ජගත් බාලසූරිය සහ සරත් කුමාර ගුණරත්න ඇතුළු 13 දෙනෙකුට ආසන සංවිධායක ධුර අහිමි වී තිබේ.

බෙලිඅත්ත ආසනයේ ශ්‍රීලනිප නව සංවිධායකයා ලෙස පත්කර ඇත්තේ පසුගිය රජය සමයේ ආන්දෝලනයට ලක්වූ හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දුය. 2014 අප්‍රෙල් මස 17 වෙනි දින එවකට විපක්ෂ නීයෝජනය කරමින් මත්තල ගුවන් තොටුපොළ හා හම්බන්තොට වාරය නිරික්ෂණය කිරීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් සී. පෙරේරා, එරාන් වික්‍රරමරත්න, ආර් යෝගරාජන්, අජිත් මාන්නම්පෙරුම සහ නලීන් බණ්ඩාර වෙත ඉතා අමානුෂික ලෙස පහරදීමට තැත්කිරීම් හා ප්‍රදේශයේන් පලවා හැරීම හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මුලික මැර පිරිසක් විසින් සිදු කල අතර මොහුගේ මේ ක්‍රියාව එවකට පැවති මහින්ද රාජපක්ෂ රජයට විශාල හානියක් ගෙන දීමට හේතු විය.

තමන් විසින් එදින ගෙන ආවේ සෙල්ලම් පිස්තෝලයක් යයා ප‍්‍රකාශ කිරීම නිසා ඔහුට එකල දේශපාලන වේදිකාවේ කියනු ලැබුවේ සෙල්ලම් පිස්තෝල නගරාධිපති යනුවෙනි. නිවේදනයක් නිකුත් කරමින් කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබුණේ එම සිදුවීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට කළු දිනයක් එක්කල සිදුවීමක් බවයි.

Related posts

ලක්ෂ 100ක අල්ලසක් ගන්න ගිය පරිසර අධිකාරියේ හිටපු සභාපතිට අධිකරණය දුන් නියෝගය

Admin

වරාය අධිකාරිය රු. බිලියන 11ක වාර්තාගත ලාභයක් උපයයි

colombotoday

“මේ ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා”.. රාජිතගේ පොටෝ එකක් පෙන්වා රන්ජන් කියයි !

colombotoday

තිරිඟු පිටි මිල රු 40කින් ඉහළට

colombotoday

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

Admin

“රට අරාජිකයි.. යන්නේ ආපස්සට“ – ආචාර්ය දයාන් ජයතිලක ජනපතිගේ මූණට කියයි

colombotoday