Colombo Today Local News

ලංකාවේ යුධ උපකරණ 63ක් රට පටවයි.. කැබිනට් අනුමැතිය හිමිවේ…

අතිරික්ත යුද්ධෝපකරණ නිෂ්කාශනය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර අනුව ඇමෙරිකන් ඩොලර් 55,995,534.00 මුදලකට එම යුද්ධෝපකරණ 63ක් ලබාදීමට තීරණය කර තිබේ.ඒ අනුව අදාළ යුද්ධෝපකරණ අයිතම 63ක් චෙක් ජනරජයේ ‘ඉඊඍ ට්පධභන’ ආයතනය වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවද වාර්තා වෙයි.

මෙවැනි අතිරික්ත යුද්ධෝපකරණ රාශියක් තවදුරටත් ඇති බැවින් එම උපකරණ නිෂ්කාශනය කිරීම සඳහා නැවත වරක් මිල ගණන් කැඳවන ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

මේ අතර ඉහත ක්‍රියාවලිය සිදුකළ මෙහෙයුම් කමිටුව විසුරුවා හැරීමටත්, ත්‍රිවිධ හමුදාව වෙතින් අතිරික්ත යුද්ධෝපකරණ සඳහා වන ලැයිස්තුවක් ලබාගෙන ප්‍රසම්පාදන මාර්ගෝපදේශක සංග්‍රහයට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් ඉදිරි ප්‍රසම්පාදන කටයුතු සිදුකරන ලෙසද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් අමාත්‍ය මණ්ඩලය වෙත දන්වා ඇත.

Related posts

WTC හිදිමින් කෝටිපති මැති ඇමතිලා ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් ගසා කෑ කතගේ සෙල්ලම් මාට්ටු

colombotoday

පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200ක්

Admin

ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

කතුන් සමඟ රතිකෙලියේ යෙදී ගම්වාසීන්ගෙන් ගුටි පූජාවක් ලැබූ හොර චීවරධාරියා අත්අඩංගුවට

Admin

ලං.වි.ම ප්‍රතිව්‍යුහගතකරණයට අදාල පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

Admin

මෙරටට ගෙන්නන පළමු සහල් තොගය අද දිවයිනට

colombotoday