පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියන ගවර්ස් කෝපරේෂන් හි අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කළ නිත්‍යා සේනානි සමරනායක නමැති අය අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
රු. මිලියන 45 ක මුදලක් රජයට පාඩු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අදාළ නඩුවට සම්බන්ධයෙන් ඇයටද චෝදනා එල්ල වී ඇත.
අදාළ සමාගමේ තවත් අධ්යක්ෂකවරියක වූ, ජනක බෝගොල්ලාගමගේ දියණිය වන සුජානි බෝගොල්ලාගම ද අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් ඇය රෝහල්ගතව පසුවන බව ඇයගේ නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේය.