Colombo Today Local News

2021 අයවැය විවාදය දින 19 ක්

2021 වසර සඳහා වන අයවැය විවාදය දින 19 ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව නිවේදනය කළේ, ලබන 17 වැනි දා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ඒ අනුව ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම 21 වැනි දා පස්වරු 5.00 ට සිදුවනු ඇති.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, ලබන 23 වැනි දා කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර එය දෙසැම්බර් 10 වැනි දා අවසන් වීමට නියමිත අතර එදිනම පස්වරු 5.00 ට ඡන්ද විමසීම පැවැත්වෙන බවයි.

Related posts

පනත් දෙකකට කතානායකගේ සහතිකය

colombotoday

මෙවර ජයග්‍රහණයෙන් පසු එජාපය වසර 25කට සොලවන්න දෙන්නේ නෑ

colombotoday

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin

“මේ රටේ අසාර්ථකම පාලනය රනිල් -මෛත්‍රී පාලනයයි” – අනුර කුමාර

colombotoday

‘මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැහැ..’

Admin

ඉදිරි ජයග්‍රහණ සිහිනයක්ම කරමින් තිසර පෙරේරාත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

colombotoday