Colombo Today Local News

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05)දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ සඳහා වන සියලු කටයුතු මේ වනවිට සූදානම් කරඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ලබන 08 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ඒ අනුව අද දිනයේ සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 04ක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

ලබන 06 වනදා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 06ක් විවාදයට ගැනීමට නියමිත අතර ලබන 07 වනදා ද සංශෝධන පනත් කෙටුම්පත් 10ක් විවාදයට ගැනීමට නියමිතය.

මීට අමතරව ලබන 06 වනදා පෙරවරු 10.00 සිට පෙරවරු 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන්කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම් සලසා ඇති බවද පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍යයෙන් නිලධාරියෙක් පත් කරයි

colombotoday

දේශද්‍රෝහීන්ට මරණ බිය දැනෙයි !!

colombotoday

පොහොට්ටුවේ ප්‍රබල හඩක් නිවී යයි !

colombotoday

සගවාගෙන සිටි ගෑස් සිලින්ඩර් තොගයක් වටලයි

colombotoday

නිලධාරිනියගෙන් දුරස්ව ඉන්න‘යි තානාපතිට ජනපතිගෙන් අවවාද

colombotoday

අගමැති එන සතියේ ඉන්දියාවට.. ත්‍රීමලේ වරාය, තෙල් ටැංකි, එට්කා ගැන එකගතාවකට එයි !

colombotoday